පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර දරුණු ගැටුම්

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අගෝස්තු 31 ඉරිදා - 10:40 GMT

රාත්‍රිය පුරා අගමැති නිල නිවස අසල උද්ඝෝෂණයේ යෙදුණු පිරිස්

මුගුරු සහ කැටපෝලවලින් සන්නද්ධව සිටින උද්ඝෝෂකයෝ පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරදී පොලිසිය සමඟ ගැටෙමින් සිටිති.

සෙනසුරාදා රාත්‍රියේ හටගත් ප්‍රචණ්ඩක්‍රියාවලින් දෙදෙනකුවත් මරුමුවට පත් වූ අතර තවත් තුන්සියයකට පමණ තුවාල සිදු විය.

අගමැති නවාස් ෂරීෆ් පදවියෙන් ඉල්ලා අස් විය යුතු බව උද්ඝෝෂකයන්ගේ ඉල්ලීමයි.

සෙනසුරාදා රාත්‍රියේ අගමැති නිල නිවසට සහ පාර්ලිමේන්තුවට කඩා වැදීමට උද්ඝෝෂකයන් උත්සාහ ගත් අවස්තාවේයි, දෙපාර්ශවය අතර ගැටුම හට ගත්තේ.

අඬු සහ මිටිවලින් සන්නද්ධ සිය ගණනක් උද්ඝෝෂකයෝ තවමත් පාර්ලිමේන්තු සංකීර්ණයේ රැඳී සිටිති.

ආණ්ඩුව සහ උද්ඝෝෂකයන්ගේ නායකයන් අතර සාකච්ඡා බිඳ වැටීමෙන් අනතුරුව පාකිස්තාන ආණ්ඩුව බිඳ වැටීමේ අනතුරක් මතු වී තිබෙන බවයි, ඉස්ලාමාබාද් නුවර සිටින බීබීසී වාර්තාකරුවෙක් පවසන්නේ.

වැඩි තොරතුරු සඳහා

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.