නරේන්ද්‍ර මෝඩි ජපානයේ සංචාරයක

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අගෝස්තු 30 සෙනසුරාදා - 10:37 GMT

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි සිය ධුරයට පත් වීමෙන් අනතුරුව ප්‍රථම වතාවට ඉන්දියාවට අසල්වැසි රටක් වන ජපානයට දින පහක සංචාරයක් සඳහා පිටත් වී ඇති බව වාර්තා වේ.

සංචාරය සඳහා පිටත් වීමට පෙර අගමැතිවරයා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඉන්දියාව සහ ජපානය අතර ආරක්ෂක සහ බලශක්තිය වැනි අංශ සඳහා පවතින සහයෝගිතා වර්ධනය කර ගැනීම සහ ජපානය වෙනුවෙන් ඉන්දියාව තුල ඇති ධන ආකල්ප සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙහි අරමුණ බවයි.

නමුත් වාර්තාකරුවන් පවසන්නේ දිල්ලියේ ආරක්ෂක අංශ සඳහා ජපානයෙන් සෙවුම් සහ මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා යොදා ගන්නා යානා මිලදී ගැනීමට ඉන්දියාවට අවශ්‍ය ව ඇති බවකි.

ජපානයේ සහ ඉන්දියාවේ අගමැතිවරයන් කලාපය තුල බලවතෙකු බවට පත් වෙමින් සිටින චීනය, තර්ජනයක් වීමේ අවදානම මැඩලීම සම්බන්ධයෙන් සම ආකල්ප දරන බවයි ඔවුන් වැඩි දුරටත් කියා සිටින්නේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.