සිරියාවේ ගැටුම 'ලොව විශාලතම මානවීය ව්‍යසනය'

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අගෝස්තු 29 සිකුරාදා - 10:47 GMT

සිරියාවේ ජනගහනයෙන් අඩක්ම අනාථයන්

සිරියාවේ යුද ගැටුම්වලින් බේරීම පිණිස ලක්ෂ තිහකට අධික ජනකායක් මේ වන විට සිය නිවාස අත්හැර දමා පලා ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

වත්මන් යුගයේ ලෝකය මුහුණදෙන විශාලතම මානවීය ව්‍යසනය සිරියාවේ ගැටුම බවයි, අනාථයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනය පවසන්නේ.

එහෙත් එම අනාථයන්ගේ සහ ඔවුන්ට රැකවරණ සපයන රටවල අවශ්‍යතා සපුරාදීමට ලෝකය අපොහොසත් වී ඇති බවද එම ආයතනය සඳහන් කරයි.

ගැටුම්වලින් පලා ගිය ජනතාව දැඩි බියෙන් සහ අධික තෙහෙට්ටුවෙන් පෙලෙන බව පවසන එක්සත් ජාතීන්, බොහෝ දෙනා අත මුදල් නැති බවත් පවසයි.

සිරියාව ඇතුලත තවත් ලක්ෂ හැට පහක ජනකායක් අනාථ වී සිටින බැවින්, සමස්ත සිරියානු ජනගහනයෙන් අඩක්ම අනාථයන් බවට පත් වී සිටිති.

ඔවුන්ට සහණ සහ රැකවරණ සැලසීම, අනාථයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනයේ වසර හැට හතරක ඉතිහාසය තුල දියත් කෙරුණ විශාලතම මෙහෙයුමයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.