සත් හැවිරිදි දැරියක පණපිටින් වළ දමයි

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අගෝස්තු 28 බ්‍රහස්පතින්දා - 17:57 GMT

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හත් හැවිරිදි දැරියක පණ පිටින් වැළලූ ඇගේ ඥාතීන් සොයා ඉන්දීය පොලිසිය මෙහෙයුම් දියත් කර තිබේ.

පොළොව යටින් යාන්තමට ඇසුණු කෑගැසීමක් සොයා ගිය ගම් වැසියකු මෙම දැරිය මිය යාමට පෙර ගොඩ ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

උක් වගා බිමක

ගමේ පැවති උත්සවයක් නැරඹීම සඳහා යන බව පවසමින් මේ දැරිය රැගෙන ගිය ඇයගේ මාමා සහ නැන්දා අතරමග දී දැරියගේ ගෙල මිරිකා උක් වගා බිමක වළලා ඇති බවයි පොලිසිය පවසන්නේ.

කුමන හේතුවක් නිසා මෙය සිදු කරන්නට ඇත්ද යන්න තවමත් පැහැදිලි නැති බවයි ප්‍රාදේශීය පොලිසිය පැවසුවේ.

වාර්තා වලට අනුව ප්‍රහාරයට ලක් වුණු දැරිය තම මව සමග ජීවත් වී ඇත.

ඇයගේ පියා තම දරුවාට වූ අනතුර සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා අතර ඔහු දියණියගේ මවගෙන් වෙන්ව වෙනත් නිවසක ජීවත් වී තිබේ.

ඍන ආකල්ප

පොලිසිය පවසන්නේ දැරිය වැළලීමට පාදක වූ හේතුව තවමත් අනාවරණය වී නැති නමුත් ඉන්දියාවේ පවුල් වල ගැහැණු ළමුන් වෙනුවෙන් පවතින ඍන ආකල්පත් ඔවුන් පවුලට මූල්‍යමය වශයෙන් බරක් ලෙස සැලකීමත් නිසා ගැහැණු දරුවන් මරා දැමීම ඉන්දියාවේ සුලබ සිදුවීමක් බවට පත්ව ඇති බවයි.

මීට අමතරව දෙදහස් දොළහ වසරේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේම තවත් කුඩා දැරියක ඇයගේ පියා සහ මාමා විසින් පණ පිටින් වළ දැමීමේ සිද්ධියක් ද වාර්තා විය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.