ගාසා තීරයට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හැටක්

  • 20 අගෝස්තු 2014
පලස්තීනය විසින් එල්ල කරනු ලැබූ රොකට් ප්‍රහාර වලට පිළිතුරු ලෙස මෙම ප්‍රහාර සිදු කළ බවයි පැවසෙන්නේ

අඟහරුවාදා තාවකාලික සටන් විරාමය බිඳ වැටීමෙන් පසු ගාසා තීරයට ගුවන් ප්‍රහාර හැටක් එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව පවසයි.

පලස්තීනය විසින් ඊශ්‍රායලයට එල්ල කරනු ලැබූ රොකට් ප්‍රහාර අසූවකට පිළිතුරු ලෙස මේ ප්‍රහාරයන් සිදු කළ බවයි ඊශ්‍රායලය පවසන්නේ.

මෙම ගුවන් ප්‍රහාර හේතුවෙන් හමාස් සංවිධානයේ ඉහල පෙළේ අණදෙන නිලධාරියෙකුගේ බිරිඳ හා සිඟිති දියණිය ඇතුළු පලස්තීන ජාතිකයන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව ගාසා හි නිලධාරී හු පවසති.

සටන් විරාමය බිඳ වැටීම පිළිබඳව දෙපාර්ශවයට මැදිහත්කරුවකු ලෙස ක්‍රියා කරන ඊජිප්තුව තම කනස්සල්ල පල කොට තිබේ.