සෞදි කුමරකුගේ රිය පෙරහැරට පැරීසියේදී ප්‍රහාරයක්

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අගෝස්තු 18 සඳුදා - 12:33 GMT

ඩොලර් ලක්ෂ තුනකට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් පැහැරගෙන ගොස් ඇති බව ප්‍රංශ පොලීසිය පවසයි

පැරිස් නගරයේ ගමන් කරමින් තිබු සෞදි කුමාරයකුට අයත් රථ පෙරහැරකට ප්‍රහාරයක් එල්ල කළ ආයුධ සන්නද්ධ සොරුන් කණ්ඩායමක් ඩොලර් ලක්ෂ තුනකට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් පැහැරගෙන පැනයාමට සමත් වී ඇති බව ප්‍රංශ පොලීසිය පවසයි.

ඉතා වැදගත් රහස්‍ය ලියකියවිලි ද ප්‍රහාරකයන් විසින් සොරකම් කොට ඇති බවයි පොලීසිය පවසන්නේ.

ඉරිදා රාත්‍රී සෞදි තානාපති කාර්යාලයේ සිට උතුරු පැරීසියේ ගුවන් තොටුපලක් වෙත රථ පෙරහැර ගමන් කරමින් තිබිය දී ය මෙසේ සොරුන් ගේ ඉලක්කයට ලක් වී ඇත්තේ.

දැඩි ලෙස ආයුධ සන්නද්ධව පැමිණි ප්‍රහාරකයන් අට දෙනෙකු ගෙන් යුත් පිරිස යුරෝ දෙලක්ෂ පනස් දහසක (ඩොලර් තුන්ලක්ෂ තිස් දහසක) මුදලක් පැහැරගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.

රියැදුරු සමග රථය වෙනත් පෙදෙසකට රැගෙන ගොස් මුදල් සහ ලියකියවිලි පැහැර ගැනීමෙන් පසු රියදුරු සහ රථයේ සිටි තවත් සෞදි ජාතිකයන් දෙදෙනෙකු නිදහස් කොට යවා තිබේ.

කිසිවෙකුටත් තුවාල සිදුවී නැති බවයි වාර්තාවන්නේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.