මෝසුල් වේල්ලේ බලය ඉස්ලාමීය රාජ්‍යයෙන් ගිලිහේ

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අගෝස්තු 18 සඳුදා - 17:15 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ඉස්ලාමීය ජිහාඩ් සටන්කරුවන් අත පැවති ඉරාකයේ පිහිටි මෝසුල් වේල්ලේ පාලනය නැවතත් සියතට ගත හැකි වූ බව ඉරාක සහ කුර්දි හමුදා බලධාරිහු පවසති.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

මෝසුල් වේල්ලේ බලය ඉස්ලාමීය රාජ්‍යයෙන් ගිලිහේ

00:01:27

ඉස්ලාමීය රාජ්‍ය ජිහාඩ් සටන්කරුවන් අත පැවති උතුරු දිග ඉරාකයේ පිහිටි මෝසුල් වේල්ලේ පාලනය නැවතත් සියතට ගත හැකි වූ බව ඉරාක සහ කුර්දි හමුදා බලධාරිහු පවසති.

මොසුල් වේල්ල යුදමය වශයෙන් වැදගත් ස්ථානයක් වශයෙන් සැලකේ.

බැග්ඩෑඩ් හමුදා බලධාරීන් කියා සිටින්නේ වේල්ල අවට ඉස්ලාමීය සටන්කරුවන් ඇටවූ මර උගුල් තම හමුදා විසින් මේ වන විට ඉවත් කරමින් සිටින බවයි.

මේ අතර කුර්දි හමුදාවලට තම සටන්කරුවන් විසින් දැඩි හානි පමුණුවා ඇති බව පවසන ඉස්ලාමීය රාජ්‍යය, මෝසුල් වේල්ලේ බලය ගිලිහුණු බවට පළ වූ වාර්තා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රතික්ෂේප කරයි.

ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානාවල සහාය ඇතිව කුර්දි පාබළ හමුදා සටන් මෙහෙය වූහ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.