කොඩිවින කාරයන්ට ඩුබායි තහනම්

  • 17 අගෝස්තු 2014

ආභරණ පැලඳීම සඳහා ශරීරයේ ස්ථාන වැඩි ප්‍රමාණයක් සිදුරු කර ගනිමින් ලෝක වාර්තාව පිහිට වූ ජර්මානු ජාතිකයාට, ඩුබායි රාජ්‍යයට පිවිසීමට අවසර ලබා දීම එරට බලධාරිහු ප්‍රතික්ෂේප කරති.

ශරීරය සිදුරු කර ගනිමින් ලෝක වාර්තාව තැබූ ජර්මානු ජාතිකයා, රාත්‍රී සමාජ ශාලාවක පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගී වීමට ඩුබායි බලා පැමිණ තිබේ.

රොල්ෆ් බච්හෝල්ස් නැමති මෙම පුද්ගලයා හිස ඇතුළු ශරීරයේ ස්ථාන හාරසීය පනස් තුනක ආභරණ පැළඳ සිටියි.

තමා 'හදිහූනියම් කරුවෙකුව' සිටි බැවින් ඩුබායි රාජ්‍යයට ඇතුල් වීමට එරට ගුවන් තොටුපල බලධාරීන් ඉඩ නොදුන් බවයි බච්හෝල්ස් සමාජ මාධ්‍යයන්ට පවසා තිබෙන්නේ.

නැවත කිසිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට නොඑන බව බච්හෝල්ස් දිවුරා කියා සිටියි.