තායිලන්තය දරුවන් පැවරීමේ නීතිය දැඩි කරයි

  • 15 අගෝස්තු 2014
ඕස්ට්‍රේලියානු යුවල විසින් අත්හැර ගිය මානසික ආබාධයෙන් පෙළෙන බිලිඳා

වෙනත් කාන්තාවකගේ ගර්භාෂය භාවිතා කරමින් බිහි කළ දරුවන් රැගෙන රටින් පිටව යාමට තැත් කළ විදේශිකයන් හතර දෙනෙකුගේ ගමන් අත්හිටවීමට තායිලන්ත බලධාරීන් පියවර ගත් බව බැංකොක් නගරයෙන් වාර්තා වෙයි.

ඕස්ට්‍රේලියානු සහ ඇමරිකානු ජාතිකයන් වූ එම විදේශිකයන්ට දරුවන් රැගෙන යාමට අවශ්‍ය නම් භාරකාරත්වය සහතික කරමින් බලපත්‍ර ඉදිරිපත් කරන මෙන් අධිකරණය නියෝග කර ඇත.

වෙනත් කාන්තාවන්ගේ ගර්භාෂ භාවිතා කරමින් වාණිජ මට්ටමෙන් දරුවන් බිහි කර විදේශිකයන්ට ලබා දීමේ ව්‍යාපාරය නැවැත්වීමට තායිලන්තයේ හමුදා ආණ්ඩුව මේ වන විට අවශ්‍ය නීති සකස් කරමින්ඇති බවත් වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් තායිලන්ත බලධාරීන්ගේ දැඩි අවධානය යොමු වුයේ ඕස්ට්‍රේලියානු ජාතික යුවලක් තායිලන්ත කාන්තාවකගේ ගර්භාෂය භාවිතා කරමින් බිහි කර ගත් දරුවා මානසික සහ ශාරීරික ආබාධයකින් පෙළෙන බැවින් එම දරුවා අත්හැර යාමේ සිද්ධියෙන් පසුවයි.