විධායක ජනාධිපති ක්‍රමයේ සැබෑ මුහුණුවර

  • 4 අගෝස්තු 2014
'දූපත පාලනය කරමින් මාධ්‍ය හැසිරවීමට' ද ක්‍රීඩකයන්ට අවස්ථාව

තමන්ට අවශ්‍ය පරිදි ව්‍යවස්ථාව සකසා රට පාලනය කළ හැකි නිවර්තන කලාපීය දූපතක වෙසෙන ජනාධිපතිවරයකුගේ චරිතයක් සහිත පරිගණක ක්‍රීඩාවක් තායිලන්ත බලධාරීන් විසින් තහනම් කර තිබේ.

ජනාධිපතිවරයාගේ චරිතය ගෙන ඉතා රළු කුරිරු ඒකාධිපතියකු ලෙස දූපත පාලනය කරමින් මාධ්‍ය හැසිරවීමට ද පරිගණක ක්‍රීඩා මෘදුකාංගය ක්‍රීඩකයන්ට ඉඩ ලබා දෙයි.

අදාළ පරිගණක ක්‍රීඩාව රටේ සාමය හා නීතිය කෙරෙහි බලපාන බව පවසමින් එය තායිලන්තය තුල තහනම් කිරීමට එරට චිත්‍රපට හා දෘශ්‍ය නියාමන කාර්යාලය කටයුතු කළ බව පරිගණක ක්‍රීඩාව නිෂ්පාදනය කළ ආයතනය පවසයි.

පසුගිය මැයි මාසයේදී හමුදා කුමන්ත්‍රණයක් මගින් පැවති ආණ්ඩුව ඉවත් කර තායිලන්තයේ බලය ලබා ගැනීමට එරට හමුදා ක්‍රියා කළහ.