චීනයේ භූමි කම්පාව ජීවිත රැසක් බිළිගනී

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අගෝස්තු 4 සඳුදා - 10:58 GMT

පසුගිය ඉරිදා චීනයේ යුන්නාන් පළාතේ ඇතිවූ දරුණු භූමි කම්පාවෙන් මියගිය ගණන තුන්සිය අසුවක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

මේ වන විට ගලවා ගැනීමේ කණ්ඩායම් භූමි කම්පාව සිදු වූ ස්ථානයට ලඟා වීමට උත්සාහ දරමින් සිටියි.

හදිසි ආපදා කණ්ඩායම් විනාශයට පත් වූ මාර්ග පිළිසකර කිරීමේ යෙදී සිටින අතර දිගින් දිගටම ඇද හැළෙන වර්ෂාව සහ නායයෑම් හේතුවෙන් අනතුරට ලක් වූ ප්‍රදේශයට ලඟා වීමට නොහැකිව තිබේ.

බලධාරීන් පැමිණ ගලවා ගන්නා තුරු දහස් ගණනක ජනතාව සුන්බුන් අතර සිරවී සිටියි.

චීන බලධාරීන් විසින් අනතුරින් විපතට පත් වූවන් ගලවා ගැනීමට සහ ඔවුන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමට වැසියන්ගේ සහය ඉල්ලා ඇත.

බීබීසී වාර්තා කරු පවසන්නේ ඇති වූ ව්‍යසනයෙන් චීන රජය මහත් කම්පාවට පත්වී ඇති බවයි.

දහස් ගණනක් තාවකාලික කූඩාරම් සහ ඇඳන් අනතුර සිදු වූ ප්‍රදේශයට යවා ඇති බවයි පැවසෙන්නේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.