ගාසා තීරය බිඳ වැටෙන්න ආසන්නයි - එක්සත් ජාතීන්

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අගෝස්තු 3 ඉරිදා - 18:00 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ගසා තීරය බිඳ වැටීම ආසන්නයට පැමිණ ඇති අතර බරපතළ ඛේදවාචකයක් නිර්මාණය වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක ක්‍රිස් ගනෙස් පවසයි.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ගාසා තීරය බිඳ වැටෙන්න ආසන්නයි - එක්සත් ජාතීන්

00:01:03

ගසා තීරය බිඳ වැටීම ආසන්නයට පැමිණ ඇති අතර බරපතළ ඛේදවාචකයක් නිර්මාණය වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක ක්‍රිස් ගනෙස් පවසයි.

ගාසා තීරයේ ඇති රෝහල් සංඛ්‍යාවෙන් තුනෙන් එකක් සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සායන දාහතරක් ඇතුළු පලස්තීන රතු චන්ද්‍රවන්කයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් ගිලන් රථ විසි නවයක් හානියට පත් වී තිබෙන බව එක්සත් ජාතීන්ගේ ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසුවේය.

‘සෞඛ්‍ය සේවයේ කාර්ය මණ්ඩලයෙන් සියයට හතළිහක් පමණ තමන්ගේ වැඩ පොලට යාමට අසීරුවයි සිටින්නේ. අත්‍යවශ්‍ය ඖෂධ සැපයීම වගේම අනෙකුත් සේවා කඩා වැටිලා. කැඩුණ බිඳුණු සහ විනාශ වී ගිය විදුලි සැපයුම රඳා පවතින්නේ විශ්වාසයක් තැබිය නොහැකි විදුලි උත්පාදන යන්ත්‍ර මතයි’යනුවෙන් ප්‍රකාශකවරයා පවතින තත්වය විස්තර කළේය.

එක්දහස් හත්සීයක්

ගසා තීරයේ ප්‍රධාන රෝහල තුවාල කරුවන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති අතර ආරක්ෂාව පතා පලස්තීනු වැසියන් ක්‍රීඩා පිටිවලට එක් වී සිටින බවත් මේ වන විට තුවාල කරුවන් රථ ගලේ තබා ප්‍රතිකාර ලබා දීම සිදු කරන බවත් ප්‍රකාශක ක්‍රිස් ගනෙස් පවසයි.

මේ දක්වා පලස්තීන ජාතිකයන් එක්දහස් හත්සීයක් මිය ගොස් ඇති අතර දෙලක්ෂ පනස් දහසකට වැඩි පිරිසක් එකසත් ජාතීන්ට අයත් පාසල් තුල රැකවරණය පතා ලැගුම් ගෙන සිටින බව එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක ක්‍රිස් ගනෙස් වැඩි දුරටත් කියා සිටියි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.