භූමි කම්පාවකින් චීනය දෙදරා යයි

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අගෝස්තු 3 ඉරිදා - 13:39 GMT

නිරිත දිග චීනයේ ප්‍රබල භූමි කම්පාවක් සිදු වී තිබේ.

භූමි කම්පාවට හසු වීමෙන් අවම වශයෙන් පුද්ගලයන් එක සිය පනස් දෙනෙකුවත් මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි චීන මාධ්‍ය වාර්තා කරන්නේ.

යුන්නාන් පළාතේ කඳුකර ප්‍රදේශයක් වටා සිදු වූ කම්පනයේ විශාලත්වය හයයි දශම එකක් ලෙස දර්ශක වල සටහන් වූ බව ඇමරිකානු භූවිද්‍යා පර්යේෂණ ආයතනය පවසයි.

නිවාස හා පාසල් ඇතුළු ප්‍රදේශයේ ගොඩනැගිලි බොහොමයක් භූමි කම්පාවට හසු වීමෙන් විනාශ වී තිබෙන බවයි ප්‍රාදේශීය බලධාරීන් පවසන්නේ.

දෙදහස් අට වසරේ අසල්වැසි සිචුඈන් පළාතේ සිදු වූ භූමි කම්පාවෙන් චීන ජාතිකයෝ දහස් ගණනක් මිය ගියහ.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.