'ශමාර් රින්පොචේ' හිමිගේ ආදාහනයට නේපාලයේ අවසර

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අගෝස්තු 1 සිකුරාදා - 13:20 GMT

ටිබෙට් ජාතික ජේෂ්ඨ භික්ෂුවක් වූ ‘ශමාර් රින්පොචේ’ භික්ෂූන් වහන්සේගේ අදාහනයට රටින් පිටව ජීවත් වන ටිබෙට් ජාතිකයින් දහසකට අධික පිරිසක් නේපාලයට පැමිණ තිබේ.

හැට දෙවන වියේ පසු වූ 'ශමාර් රින්පොචේ' භික්ෂූන් වහන්සේ පසුගිය මස ජර්මනියේදී හර්දයාබාධයකින් අභාවයට පත් විය.

කත්මණ්ඩු නුවර ඔහු විසින් මෙහෙයවූ ආරාමයේදී ආදාහන කටයුතු කිරීමට නේපාල රජය අවසර දී ඇති නමුත් උන්වහන්සේගේ දේහය ජර්මනියේ සිට සිය රටට ගෙන්වා ගැනීම පෙරදී රජය විසින් ප්‍රතික්ෂේප කොට ඇත.

පසුගිය අඟහරුවාදා ප්‍රකාශයක් කරමින් නේපාල රජය කියා සිටියේ ආදාහන කටයුතු භික්ෂූන් වහන්සේගේ අන්තිම කැමැත්ත පරිදි සිදු කිරීමට අවසර දීමට තීරණය කළේ ඔහු විසින් බුදු දහමට කළ මහඟු සේවය අගය කිරීමක් වශයෙන් වන බවයි.

ටිබෙට් දේශය පාලනයට බෞද්ධ නායකයින්ගෙන් තර්ජන එල්ල වන බවට පවතින විශ්වාසය නිසා චීනය රජයට බලපෑම් කරන බව විවේචකයන්ගේ අදහසයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.