‘සම්බාධක ජාත්‍යන්තර ආරක්‍ෂාවට අනතුරක්’ -රුසියාව

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජූලි 26 සෙනසුරාදා - 11:30 GMT

හොසේ මැනුවෙල් බරසෝ

යුක්‍රේන් අර්බුදය මුල් කර ගනිමින් යුරෝපා හවුල විසින් තමන්ට එරෙහිව පනවන ලද අතිරේක සම්බාධක හේතුවෙන් ආරක්ෂාවට අදාළ ජාත්‍යන්තර සහයෝගීතාවය අනතුරට පත් වනු ඇතැයි රුසියාව කියා සිටී.

අලුතින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති සම්බාධක අනුව වත්කම් ගනුදෙනු අත්හිටවනු ලබන සහ සංචාරක තහංචි බල පැවැත්වෙන රුසියානු සංවිධාන සහ පුද්ගලයන්ගේ ලැයිස්තුවක් යුරෝපා හවුල විසින් නිවේදනය කරනු ලැබීමෙන් අනතුරුවයි ඉහත කී රුසියානු පැහැදිලි කිරීම සිදු වුණේ.

රුසියාවේ ආරක්ෂක සහ බුද්ධි අංශයේ ප්‍රමුඛයන් දෙදෙනකු වන අලෙක්සන්දර් බොත්නිකොෆ් සහ මිහායිල් ෆ්රද්කොෆ් ද එම තහංචි ලැයිස්තුවට ඇතුළත් කොට ඇති බවයි වාර්තා වන්නේ.

තෝරා ගැනීමක්

නැගෙනහිර යුක්‍රේනය අස්ථාවර කිරීමට කෙළින්ම හවුල් වූ රුසියානු ජාතිකයන් අසූහත් දෙනා සහ සංවිධාන විස්සට ඉහත කී නිලධාරීන් දෙදෙනාත් ඇතුළත් කිරීමට යුරෝපා හවුල පියවර ගෙන ඇත.

මේ අතර ප්‍රකාශයක් කරන යුරෝපා කොමිසමේ සභාපති හොසේ මැනුවෙල් බරසෝ, යුක්‍රේනය සම්බන්ධයෙන් සාම සැලසුමකට කැප වීම හෝ එසේ නැත්නම් ලබන සතියේ ප්‍රකාශයට පත් කෙරෙන මූල්‍ය සම්බාධක මාලාවකට මුහුණ දීම යන දෙකින් එකක් තෝරා ගන්නා මෙන් රුසියාවට අනතුරු ඇඟවීමක් කරයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.