පකිස්තාන කඳු නගින්නෝ K 2 ශිඛරය ජය ගනී

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජූලි 26 සෙනසුරාදා - 11:16 GMT

මෙම කන්ද තරණය කිරීමට උත්සාහ කළ බොහෝ දෙනෙකු ජීවිත අහිමි කරගත් බවද පැවසේ

පකිස්තානයේ උසම කන්ද වන K 2 තරණය කිරීමට එරට කඳු නගින්නන් කණ්ඩායමක් අද සමත් විය.

පකිස්තාන ජාතිකයන් K 2 කන්ද මුදුනට නැගී පළමු අවස්ථාව මෙයයි.

හය දෙනෙකුගෙන් යුතු මෙම කඳු නගින්නන් කණ්ඩායමට නායකත්වය දෙන ලද්දේ විසි හතර හැවිරිදි අලි ඩුරානි විසින්.

ඉතාලි ජාතික කඳු නගින්නන් කණ්ඩායමක් 1954 දී එවරස්ට් කන්දට පමණක් දෙවැනි වන ලෝකයේ දෙවන උසම කන්ද ලෙස සැලකෙන K2 ප්‍රථම වරට තරණය කරන ලදී.

එහි හැට වැනි සැමරුම වෙනුවෙන් තම රට වැසියන් කණ්ඩායමක් දැක්වූ සමත්කම විශාල ජයග්‍රහණයක් හැටියට පාකිස්තාන කඳු නගින්නන් සලකන බවයි එරට සිටින බීබීසී වාර්තාකරු පවසන්නේ.

නැගීමට ඉතාමත් දුෂ්කර සහ අනතුරුදායක එකක් ලෙස සැලකෙන මෙම කන්ද තරණය කිරීමට උත්සාහ කළ බොහෝ දෙනෙකු ජීවිත අහිමි කරගත් බවයි වාර්තා වන්නේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.