'මුම්බායි ප්‍රහාරයේ නඩු විභාගය ප්‍රමාදයි'

  • 25 ජූලි 2014

මුම්බායි නගරයට එල්ල කෙරුන ප්‍රහාරය සැලසුම් කොට ක්‍රියාත්මක කළ බවට සැක කරන පකිස්තානුවන් හත් දෙනාට එරෙහිව පණවා තිබෙන නඩුවේ විභාග කටයුතු දිගින් දිගටම කල් දමන බවට ඉන්දියාව පකිස්තානයට චෝදනා කරනු ලබයි.

2008 දී එල්ල වූ එම ප්‍රහාරයේදී එකසිය හැට හය දෙනෙකු මරුමුවට පත් විය.

ඉස්ලාමාබාද් නුවර ත්‍රස්ත විරෝධී අධිකරණයක පැවති නඩු විභාගය හත් වැනි වරටත් කල් දමීමෙන් අනතුරුව එයට විරෝධය පල කිරීම පිණිස පකිස්තානයේ ජේෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකුට දිල්ලි නුවර ඉන්දීය විදේශ අමාත්‍යංශයට වාර්තා කරන මෙන් නියෝග කර තිබේ.

ප්‍රහාරය පිලිබඳ නඩු විභාගය ආරම්භ වුනේ මීට වසර දෙකකට ඉහතදී.

පකිස්තාන් බලධාරීන් චෝදනා කරන්නේ නඩු විභාගය ප්‍රමාද වන්නේ අධිකරණයේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටළු හේතුවෙන් බවයි.