ඉස්ලාම් දහමට පිටුපෑ සුඩාන කතට ඉතාලි රැකවරණය

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජූලි 24 බ්‍රහස්පතින්දා - 12:28 GMT

මේරියම් යාහියා ඉබ්‍රාහිම්

ඉස්ලාම් ධර්මය අත්හැරීමේ චෝදනා මත මරණ දණ්ඩනය නියම වූ සුඩාන ජාතික මේරියම් යාහියා ඉබ්‍රාහිම් වෙනුවෙන් ලොව පුරා සහයෝගය පළ වෙමින් ඇත.

නව වාර්තා වලට අනුව ඇය පවුලේ සාමාජිකයන් ද සමග ඉතාලියට පැමිණීමට සමත්ව ඇත.

මේරියම් යාහියා ඉබ්‍රාහිම්ට සුඩානයෙන් පිටවීමට අවසර ලැබුණේ කෙසේද යන්න තවමත් හෙළි වී නැත.

ඇය සුඩානයෙන් පිටවන විට ඉතාලියේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය වරයා ද ඇයත් සමග සිටි බව වාර්තා වේ.

ක්‍රිස්තියානි පුද්ගලයෙකු සමග විවාහ වීම නිසා ඇයට මෙලෙස මරණ දණ්ඩනය පැනවුන අතර සුඩාන බලධාරීන්ට අනුව එය ඉස්ලාම් ආගමට විරෝධී මුස්ලිම් කාන්තාවන්ට තහනම් ක්‍රියාවකි.

මරණ දඬුවමට නියම වී බන්ධනාගාරයේ පසු වන අතර ඇය දරුවකු බිහි කළාය.

ඇයගේ පියා මුස්ලිම් ලබ්ධිකයකු බැවින් ඇය මුස්ලිම් ආගම වැළඳ ගත යුතු අතර වෙනත් ආගමක් වැළඳ ගැනීම හෝ මුස්ලිම් ආගමෙන් ඉවත් වීම සුඩාන ඉස්ලාම් නීතියට අනුව තහනම් බවයි බලධාරීන් පවසන්නේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.