‘ගාසා’ මහජන ජීවිතය අනතුරේ

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජූලි 21 සඳුදා - 10:39 GMT

‘හමාස්’ සංවිධානයට එරෙහිව ගාසා තීරයට දිගින් දිගටම එල්ල කෙරෙන ඊශ්‍රායල් ප්‍රහාරවල දී පලස්තීන පවුල් දෙකකට අයත් තිස් දෙනකුට අධික පිරිසක් මරා දමා ඇතැයි පලස්තීන වෛද්‍ය නිලධාරීහු පවසති.

ඊශ්‍රායල් යුද හමුදාව පවසන්නේ ගාසා තීරයේ සිට රහසිගත උමං ඔස්සේ සිය භූමියට ඇතුල් වූ කැරලිකරුවන් දහ දෙනකුවත් මරා දැමූ බවයි.

‘ගාසා’හි නිවැසියන්ට ඉවත් වෙන මෙන් දැනුම් දී ඇති පලස්තීන කලාප දෙකකට ඉහළින් ඊශ්‍රායල් ගුවන් යානා පියාසර කරමින් තිබුණ බවක් ද වාර්තා වෙයි.

මේ අතර, ඊයේ ඉරිදා ඊශ්‍රායල් සොල්දාදුවකු අල්ලා ගත් බවට ‘හමාස්’ සංවිධානය විසින් කරනු ලබන ප්‍රකාශය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පෙනී සිටින ඊශ්රාල් තානාපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

‘ගාසා’ නගරයේ පැවති දරුණු ගැටුමක දී එම ඊශ්‍රායල් සොල්දාදුවා අල්ලා ගත් බව ‘හමාස්’ ව්‍යාපාරය ප්‍රකාශ කළත් තානාපතිවරයා පවසන්නේ එය අසත්‍ය ප්‍රකාශයක් බවයි.

‘හමාස්’ ව්‍යාපාරය විසින් පැහැර ගනු ලැබුණ සිය එක් සොල්දාදුවකු මුදා ගනේමට පලස්තීන සිරකරුවන් දහසක් නිදහස් කිරීමට මෙයින් වසර තුනකට පෙර ඊශ්‍රායලයට සිදු විය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.