MH 17 යානයේ මළසිරුරු 196 ක් සොයා ගැනේ

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජූලි 20 ඉරිදා - 12:16 GMT

දින තුනකට පෙර යුක්‍රේනයට ඉහළ අහසේ දී අනතුරට පත් මැලේසියානු ගුවන් සේවයට අයත් MH 17 යානයේ ගමන් ගත් මගීන්ගේ මළසිරුරු එකසීය අනූ හයක් සොයා ගෙන ඇති බව ප්‍රදේශයේ සහන සේවකයෝ ප්‍රකාශ කරති.

සොයා ගත් මළසිරුරු වලින් බොහොමයක් ටොරේස් නගරයට නුදුරින් පිහිටි ප්‍රදේශයක ඇති අධි ශීතකරණ සහිත දුම්රිය මැදිරි තුල ගබඩා කර ඇති බවයි රුසියාවට හිතවත් කැරලිකරුවන්ගේ ප්‍රකාශකයෙක් පවසා තිබෙන්නේ.

ගුවන් යානය අනතුරට පත් වන විට කාර්ය මණ්ඩලය ඇතුළුව මගීන් දෙසීය අනූ අට දෙනෙක් එහි ගමන් කරමින් සිටියහ.

එම පිරිසෙන් තුනෙන් දෙකකට වැඩි පිරිසක් නෙදර්ලන්ත ජාතිකයන්.

අනතුරට පත් ගුවන් යානයේ සුන්බුන් සහිත ප්‍රදේශයට අඩු ආරක්ෂාවක් සපයා තිබීම හෙලා දකින බවයි ඇමරිකානු එක්සත් ජනපදය ප්‍රකශ කළේ.

මේ අතර ගුවන් යානා අනතුර යොදා ගනිමින් රුසියාවට එරෙහිව ප්‍රචාරක යුද්ධයක් ආරම්භ කර ඇති බවට මොස්කව් බලධාරීන් බටහිර රටවලට චෝදනා කර තිබේ.

මළසිරුරු ගබඩා කර අතැයි පැවසෙන අධි ශීතකරණ සහිත දුම්රිය මැදිරි

ගුවන් යානයේ සුන්බුන් පතිත වූ ප්‍රදේශයේ සිටින රුසියාවට හිතවත් කැරලිකරුවන්

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.