ඊශ්‍රායල ප්‍රහාරයෙන් මිය ගිය ගණන හැට දක්වා ඉහළට

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජූලි 20 ඉරිදා - 17:17 GMT

ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය ඥාතීන් සිහි කර වැලපෙන පලස්තීන වැසියන්

ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයන්ට ගොදුරු වී පලස්තීන වැසියන් හැට දෙනෙකු මරණයට පත් වී තිබේ.

පලස්තීන සටන්කරුවන් සමග කළ සටන් වලදී ඊශ්‍රායල සෙබළුන් දහතුන් දෙනෙකු මිය ගිය බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කරයි.

ශේජායියා දිස්ත්‍රික්කය ඉලක්ක කර ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය සමුලඝාතනයක් ලෙසයි පලස්තීන නායකත්වය හදුන්වන්නේ.

එම දිස්ත්‍රික්කය තුල මානුෂීය සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය එකග වූ නමුත් එය පැවතියේ පැයක කාලයක් පමණයි.

පැයකට පසුව නැවතත් වෙඩි ප්‍රහාර ආරම්භ වී තිබේ.

කෙටි සටන් විරාමයට පෙර ඊශ්‍රායල විසින් නොනවත්වා කාල තුවක්කු ප්‍රහාර එල්ල කරමින් ගාසා තීරයේ වෙසෙන සියල්ලන්ටම පලා යාමට බල කළ බවයි එහි සිටින බීබීසී වාර්තාකරු පවසන්නේ.

ඊශ්‍රායල යුධ ටැංකි

හානියට පත් ගාසා තීරයේ ගොඩනැගිළි

ප්‍රහාරයන්ට ලක්ව නිවාස ගණනාවක් විනාශයට පත් වී තිබේ.

ගෙවී ගිය දින දහතුන ඇතුළත මිය ගිය මුළු පිරිස හාරසීය විස්සක් දක්වා ඉහළ දමමින් වෙනත් ප්‍රදේශයකට එල්ල වූ ප්‍රහාරයකින් තවත් පලස්තීන වැසියන් තිහකට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් ඇති බව ගාසාහි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.