මෝසුල් කිතුනුවෝ පලවා හැරෙති

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජූලි 19 සෙනසුරාදා - 09:51 GMT

ඉස්ලාම් භක්තිය වැළඳගැනීමට, විශේෂ බද්දක් ගෙවීමට හෝ නගරය හැර යන ලෙසට බලකොට ඇත

මොසුල් නගරයේ පාලනය සියතට ගෙන සිටින ISIS ඉස්ලාම් අන්තවාදී සටන් කරුවන් ගේ තර්ජන හේතුවෙන් දහස් ගණන් ඉරාක කිතුනු බැතිමත්හු උතුරු ඉරාකයේ මොසුල් නගරයේ සිට නුදුරින් ඇති කුර්දිෂ් පළාතට පලායමින් සිටිති.

සෙනසුරාදා වනවිට ඉස්ලාම් භක්තිය වැළඳගැනීමට, විශේෂ බද්දක් ගෙවීමට, හෝ නගරය හැර යන ලෙසට මොසුල් නගරයේ වෙසෙන ක්‍රිස්තු භක්තිකයන් වෙත නිකුත්කෙරුණු අවසන් නිවේදනයෙන් පසුවයි ඔවුන් මෙසේ පලා යමින් සිටින්නේ.

සිකුරාදා දවස පුරා මුස්ලිම් පල්ලි වල ශබ්ද විකාශන යන්ත්‍ර මගින් නිවේදනය කරමින් ක්‍රිස්තියානි භක්තිකයන්හට බලකොට ඇත්තේ සෙනසුරාදා දහවල් 12.00 වනවිට මොසුල් නගරය හැර යන ලෙසටයි.

ISIS සන්නද්ධ කරුවන් විසින් උතුරු ඉරාකයේ විශාල ප්‍රදේශයක් ඇතුළත් කොට මුස්ලිම් රාජ්‍යයක් ප්‍රකාශයට පත්කළේ පසුගිය ජුනි මාසයේදී එම ප්‍රදේශවල බලය අල්ලා ගැනීමෙන් පසුවයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.