ජාතික සහජීවනයට මග

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජූලි 19 සෙනසුරාදා - 11:37 GMT

වාසුදේව ඇමතිවරයාගේ නළලට තිලකයක්

ආණ්ඩු පාලනයේ දී සුළු ජන කොටස්වල සම්මුතියක් රට තුළ තවම සිදු ව නැතැයි ජාතික භාෂා සහ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

මේ සම්මුතිය ඇති කර ගැනීමේ කාර්යය අප හමුවේ ඇති ඊළඟ අභියෝගය බවත් වාසුදේව නානායක්කාර ඇමතිවරයා පෙන්වා දෙයි.

ඒ සඳහා ලබා දිය හැකි අනුබලය නම් සිංහල සහ දෙමළ භාෂා දෙකම හැම දෙනාටම ඉගැන්වීම බව නානායක්කාර ඇමතිවරයාගේ කියා සිටියි.

‘සිංහල මිත්‍රයෙක් දෙමළ මිත්‍රයකුගෙන් සිංහලෙන් අහන ප්‍රශ්නය තේරුම් ගෙන දෙමළෙන් ඊට පිළිතුරු දෙද්දී දෙදෙනාට ඒවා වෙන් වෙන්ව අවබෝධ වන්නේ නම් භාෂා දෙක එක භාෂාවක් බවට පත් වන බව’ ජාතික භාෂා සහ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාරගේ අදහසයි.

සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය

‘ප්‍රජාතන්ත්‍රවාදය’ යනු බහුතරයේ තීරණය පමණක් නොව සුළුතරය හා බහුතරය අතර ඇතිවෙන සම්මුතිය ඊට අයත් අනෙක් අංගය වන බවයි නානායක්කාර ඇමතිවරයා පවසන්නේ.

‘පාලනය ගෙන යන ආකාරය ගැන බහුතරය හා සුළුතරය අතර සම්මුතියක් තිබිය යුතු බවත්’ ඔහු පෙන්වා දෙයි.

ජනවාර්ගික ගැටලුව ගැන සම්මුතියක් ඇති කර ගන්න තුරු සමාජ ආර්ථික සංවර්ධනයකට ප්‍රවේශ විය නොහැකි බව ජාතික භාෂා සහ ඒකාබද්ධතා අමාත්‍යවරයා පෙන්වා දුන්නේ එම අමාත්‍යංශයේ දෙවන පළාත් කාර්යාලය රත්නපුර කුරුවිට දී ආරම්භ කරමිනි.

භාෂා විවිධත්වය තුලින් ද්වි භාෂා රාජ්‍ය සේවයක් ඇති කිරීමෙන් එක්සත් භාවය ගොඩ නැගෙන බවයි ශ්‍රී ලංකාවේ කැනේඩියානු තානාපතිනි ෂෙලී විටින්ග් සඳහන් කළේ.

කැනඩාවේ භාෂා ප්‍රතිපත්තිය ලොවම අගය කරන්නේ ඒ නිසා බවත් තානාපතිනිය පැවසුවාය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.