"ගුවන් යානය මිසයිල ප්‍රහාරයකින්" - ඔබාමා

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජූලි 18 සිකුරාදා - 11:13 GMT

යානය තුළ මගීන් කියවමින් තිබුන පොත්පත්

මැලේසියානු ගුවන් යානය, රුසියාවේ සහය ලබන බෙදුම්වාදීන් විසින් පාලනය කරන ප්‍රදේශයේ සිට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් බිම හෙලා ඇති බව සාක්ෂිවලින් ඉඟි කරන්නේ යැයි ජනාධිපති ඔබාමා ප්‍රකාශ කරයි.

විශ්වසනීය ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම සඳහා යුක්‍රේනයේ වහා සටන් විරාමයක් ප්‍රකාශ කළ යුතු බවයි කියා සිටියේ.

ගුවන් යානය බිම හෙලීම ත්‍රස්තවාදී ක්‍රියාවක් - යුක්රේනියානු ජනාධිපති

00:05:22

යුක්රේනියානු ජනාධිපති පෙත්රෝ පොරෝශේන්කෝ මේ සිද්ධිය විස්තර කළේ ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙසට.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ඊයේ බ්‍රහස්පතින්දා මිසයිල් ප්‍රහාරයකින් බිම හෙළන ලදැයි චෝදනා කෙරෙන මැලේසියානු ගුවන් යානා අනතුර ජාත්‍යන්තර අපරාධයක් හැටියට හඳුන්වා දුන් යුක්‍රේන් අගමැති ආර්සෙනි යත්සෙනියුක් එම අපරාධයට වගකිවයුත්තන් හේග් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පැමිණවිය යුතුව ඇතැයි කියා සිටියි.

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩම් නගරයේ ‘ෂිෆෝල්’ගුවන් තොටුපළින් ගමන් ආරම්භ කොට මැලේසියාවේ ක්ව්ලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපල බලා පියාසර කරමින් තිබුණ MH 17 මැලේසියානු යානය නැගෙනහිර යුක්‍රේනයට ඉහළින් පියාසර කරමින් තිබියදීයි පුපුරා ගියේ.

අනතුර සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන යුක්‍රේන් අගමැති ආර්සෙනි යත්සෙනියුක් කියා සිටියේ, ‘රුසියාව පමණ ඉක්මවා ගොස්’ ඇති බවයි.

යානය තුළ සිටි ඉන්දුනීසියානු පවුලක්

පුපුරා ගිය යානයේ තුන්සීයකට ආසන්න මගීන් සහ කාර්ය මණ්ඩලය වූ අතර කිසිවකුගේ ජීවිත බේරී නැත.

කැරලිකරුවන්ට චෝදනා

ගුවන් අනතුර සිදුවූ යුක්‍රේන් - රුසියානු දේශ සීමාව රුසියාවට හිතවත් කැරලිකරුවන් අත පවතින කලාපයකි.

ගුවන් යානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බවට යුක්‍රේන් බලධාරීන් කැරලිකරුවන්ට චෝදනා කළත් කැරලිකරුවන් කියා සිටින්නේ තමන් එවැනි ප්‍රහාරයකට හවුල් නැති බවයි.

ගුවන් යානයේ තොරතුරු පටි ගත කෙරෙන උපකරණ දැනටමත් සොයා ගනු ලැබ ඇති බවත් වාර්තා වෙයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.