'ලොකු පවුලේ නිවාසයේ' ළමා අපචාර

  • 16 ජූලි 2014
මෙම ළමුන් ලිංගිකව හා මානසිකව අතවරයට ලක්කර තිබුණු බවයි පැවසෙන්නේ

ලිංගික අතවරයට ලක් වෙමින් සහ වීදි යාචකයන් ලෙස බලහත්කාරයෙන් යොදා ගනිමින් සිටි පන්සියයක පමණ ළමුන් පිරිසක් අනාථ නිවාසයකින් මුදාගත් බව මෙක්සිකෝ බලධාරීහු පවසති.

මිචෝකන් පළාතේ පිහිටි “ලොකු පවුලේ නිවාසය” නම් වූ මෙම ළමා නිවාසයේ හිමිකරු සහ සේවකයින් අට දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පැවසෙන්නේ.

වාර්තාකරුවෙකු පැවසුවේ මෙම සිදුවීම වසර ගණනාවක් තුළ මෙක්සිකෝවේ ළමා නිවාසයක සිදුවූණු දරුණුතම ළමා අපචාර සිදුවීම් වලින් එකක් බවයි.

මෙම අපචාරයට ගොදුරු වූ ළමුන් බලහත්කාරයෙන් රඳවා ගෙන ලිංගිකව හා මානසිකව අතවරයට ලක්කර තිබූ අතර මිනිස් පරිභෝජනයට යෝග්‍ය නොවන ආහාර පාන ලබා දී තිබුණු බවයි පැවසෙන්නේ.