චීනය කොටි හම් වෙළඳාම් කරණ බව පිළිගනී

  • 11 ජූලි 2014

කොටි හම් වෙළඳාමට රට තුළ අවසර දී ඇති බව චීනය ප්‍රථම වරට පිළිගෙන ඇත.

මෙම පිළිගැනීම සිදු කර ඇත්තේ වඳ වීමේ තර්ජනයට ලක් ව ඇති සතුන් සුරැකීමේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකට සහභාගී වූ සාමාජිකයන් විසිනි.

වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති සතුන් සුරැකීමේ ජිනීවා සම්මන්ත්‍රණයේ දී තොරතුරු ඉදිරිපත් කළ සිර කර ගෙන සිටි කොටින්ගේ හම් වාණිජ මට්ටමෙන් වෙළඳාම් කිරීමට චීනය විසින් අවසර දී ඇති බව ප්‍රමුඛ පෙළේ වාර්තාවක් චෝදනා කරයි.

චීනය තුළ කොටි අස්ථි වෙළඳාම නීතියෙන් තහනම් කොට තිබේ.

නමුත් කොටි හම් වෙළඳාම පවතින බව පිළිගැනීම, වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති සතුන් සුරැකීමේ ප්‍රඥප්තියට අත්සන් තැබූ රටක් ලෙස ප්‍රතිචාර දැක්වීමක් බවයි සම්මන්ත්‍රණයට සහභාගී වුවන් පැවසුවේ.

කොටි හම් ලබා ගැනීමට සහ ශරීර කොටස් වෙළඳාම් කිරීමට කොටි ගොවිපළවල් පවත්වා ගෙන යාමේ ප්‍රමුඛ පෙළේ රටක් ලෙස චීනය හඳුනාගෙන තිබේ.

වන ජීවී විශේෂඥයන් පවසන්නේ චීනයට අමතරව වියට්නාමය, තායිලන්තය, ලාඕසය, කාම්බෝජය, මැලේසියාව සහ ඉන්දුනීසියාව මෙලෙස වාණිජ මට්ටමෙන් හම් සහ ශරීර කොටස් වෙළඳාම් කිරීම සඳහා කොටි ගොවිපළවල් පවත්වා ගෙන යන බවයි.

කොටි හම් සහ දිවි හම් සුඛෝපභෝගී නිවෙස් සැරසීමට යොදා ගැනීම සඳහා චීනයේ විශාල ඉල්ලුමක් පවතින බවත් වාර්තා වේ.