තායිලන්තයට නව ජාතික සභාවක්

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජුනි 28 සෙනසුරාදා - 09:28 GMT

ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වෙන තුරු පාලන බලය දැඩි ලෙස හමුදා පාලනය යටතේ පවත්වා ගෙන යන බවයි ජෙනරාල් ප්‍රයුත් පවසන්නේ

හමුදා නිලධාරීන් විසින් වැඩි අසන සංඛ්‍යාවක් හොබවනු ලබන නව ජාතික සභාවක් සහ අන්තර් වාර රජයක් ඉදිරි මාස දෙක ඇතුළත පිහිටුවන බව තායිලන්ත හමුදා පාලකයා පැවසුවේය.

රූපවාහිනිය ඔස්සේ තායිලන්ත ජනතාව අමතමින් ජෙනරාල් ප්‍රයුත් චන් ඔචා වැඩිදුරටත් පැවසුවේ වසරක් ඇතුළත නව ව්‍යවස්ථාවක් සකස් කෙරෙන අතර ඉන් මාස තුනකට පමණ පසු ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ පැවැත්වෙන බවයි.

එසේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වෙන තුරු පාලන බලය දැඩි ලෙස හමුදා පාලනය යටතේ පවත්වා ගෙන යන බව ජෙනරාල් ප්‍රයුත් පැහැදිලිවම ප්‍රකාශ කළ බවයි බැංකොක් හේ බීබීසී වාර්තාකරු පවසන්නේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.