මොක්ටඩා ගේ හමුදාවෙන් ඉරාකයේ වීදි පෙළපාලි

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජුනි 21 සෙනසුරාදා - 09:44 GMT

පෙළපාලි පවත්වන ලෙස මොක්ටඩා විසින් මේධි හමුදාවෙන් ඉල්ලනු ලැබ ඇති බවයි පැවසෙන්නේ

ප්‍රබල ඉරාක පුජකයෙකු වන මොක්ටඩා අල් සදර් ට පක්ෂපාතී ෂියා මුස්ලිම් සටන්කාමීන් දහස් ගණනක් ඉරාක අගනගරය වන බැග්ඩෑඩ් සහ වෙනත් නගර වල වීදි ඔස්සේ පෙළපාලියෙන් ගමන් කළහ.

මේධි හමුදාව වසර ගණනක් පුරා ඉරාකයේ සිටි ඇමරිකානු හමුදාව සමග සටන් වැදුනහ.

ඉරාකය පුරා පෙළපාලි පවත්වන ලෙස පූජක මොක්ටඩා විසින් මේධි හමුදාවෙන් ඉල්ලනු ලැබ ඇති බවයි පැවසෙන්නේ.

ඔහුගේ නියෝජිතයෙකු වන රාද් අල් සක්රි විසින් කර්කුක් හි පැවති රැළියකදී මේධි පෙළපාලි කරුවන් අමතනු ලැබූ බවද සඳහන්.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.