මෝඩිගේ භාෂා පිළිවෙතට විරෝධය

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජුනි 21 සෙනසුරාදා - 10:21 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

සමාජ මාධ්‍ය මගින් නිල පණිවිඩ හුවමාරු කරගැනීමේදී හින්දි භාෂාව යොදා ගන්නා ලෙසට උපදස් දී තිබීම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්ගේ දෝෂ දර්ශනයට.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

මෝඩිගේ භාෂා පිළිවෙතට විරෝධය

00:04:12

ඉන්දීය මධ්‍යම රජය විසින් සමාජ මාධ්‍ය මගින් නිල පණිවිඩ හුවමාරු කරගැනීමේදී හින්දි භාෂාව යොදා ගන්නා ලෙසට උපදස් දී තිබීම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්ගේ දෝෂ දර්ශනයට ලක් වෙමින් තිබේ.

ඉන්දීය මධ්‍යම රජය, විශේෂයෙන්ම රජයේ නිලධාරීන්ට උපදෙස් දී තිබෙන්නේ ෆේස් බුක්, ට්විටර්, ගූගල් සහ යු ටියුබ් ආදී මාධ්‍ය මගින් පණිවිඩ හුවමාරු කරගන්නා විට හින්දි භාෂාව පාවිච්චිකරන ලෙසට .

මධ්‍යම රජය සහ ප්‍රාන්ත රාජ්‍ය අතර නිතර සන්නිවේදන කටයුතු සිදු වෙන අතර මෙතෙක් කල් හින්දි කතා නොකරන ප්‍රාන්තවල නිලධාරීන් විසින් ඉංග්‍රීසි භාෂාව රාජ්‍ය භාෂාව ලෙස යොදා ගන්නා ලදී.

හින්දි සහ ඉංග්‍රීසි භාෂාව ඉන්දියාවේ රාජ්‍ය භාෂා දෙකයි. ඉන්දීය නව රජයේ මෙම තීරණය මගින් එරට කුමන බලපෑමක් ඇති කරන්නේද?

බීබීසියේ දකුණු ආසියානු කලාපීය කටයුතු සංස්කාරක එතිරාජන් ඇන්බරසන්ගෙන් මේ විවාදාත්මක රජයේ තීරණය පිළිබඳව විමසීමක් කළා.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.