'අපි කාම්බෝජ ශ්‍රමිකයන් යවන්නේ නැහැ'-තායි හමුදාව

  • 16 ජුනි 2014
බලපත්‍ර රහිත විදේශීය ශ්‍රමිකයන් ඇල්ලීම සඳහා කටයුතු කරන බව තායි රජය පවසයි

කාම්බෝජ ජාතික ශ්‍රමිකයන් බලහත්කාරයෙන් ආපසු යැවීමට තමන් කටයුතු නොකරන බව තායිලන්ත හමුදා බලධාරීහු පවසති.

ලක්ෂයකට අධික කාම්බෝජ ශ්‍රමිකයන් පිරිසක් පසුගිය දින කිහිපය තුළ තායිලන්තය හැර ගොස් තිබේ.

කාම්බෝජ සංක්‍රමනිකයන්ගෙන් වැඩි පිරිසක් නීතිවිරෝධී ලෙස තායිලන්තයේ රැකියාවල නිරතව සිටින අතර තායිලන්තයේ නව හමුදා රජය බලපත්‍ර රහිතව රැකියා කරන විදේශීය ශ්‍රමිකයන් ඇල්ලීම සඳහා කටයුතු කරන බව ප්‍රකාශ කිරීමෙන් පසුවයි මෙලෙස ඔවුන් තායිලන්තය හැරයාමට පටන්ගෙන ඇත්තේ.

අනෙකුත් විදේශීය ශ්‍රමිකයන් තවමත් විශාල වශයෙන් තායිලන්තය හැර යන බවක් පෙනෙන්නට නැත.

තායිලන්තය හා කාම්බෝජය අතර පවතින දුර්වල රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙලෙස කාම්බෝජ ජාතිකයන් විශාල ප්‍රමාණයෙන් තායිලන්තය හැරයාමට හේතුවක් වී ඇති බවයි පැවසෙන්නේ.