සංක්‍රමණිකයෝ තායිලන්තය හැරදා යති

  • 13 ජුනි 2014
තම රට බලා යන කාම්බෝජ සංක්‍රමණිකයන් තායිලන්ත දේශ සීමාව පසු කරමින්

පසුගිය මස හමුදා පාලකයින් විසින් තායිලන්තය අත්පත් කර ගැනීමත් සමග දහස් ගණනින් කාම්බෝජ සංක්‍රමණ කරුවන්ට තම ගම රට බලා යාමට සිදු වී තිබේ.

රැකියා වල නියුතු සියලු ම අනවසර සංක්‍රමණ කරුවන් අත් අඩංගුවට ගෙන පිටුවහල් කරන බවට හමුදා පාලකයින් තර්ජනය කර ඇති බවයි පැවසෙන්නේ.

එක දිනයක් තුල රටවල් දෙක අතර දේශ සීමා මුර කපොල්ල හරහා දාසය දාහක් පමණ කාම්බෝජ සංක්‍රමණ කරුවන් ගමන් ගෙන ඇති බව වාර්තා වේ.

බුරුමය ලාඕසය වැනි අසල්වැසි රට වලින් පැමිණි අනවසර සංක්‍රමණ කරුවන් විශාල ප්‍රමාණයක් තායිලන්තයේ රැකියා වල නිරත ව සිටින අතර බොහොමයක් දෙනා බලපත්‍ර නොමැතිව රට තුළ රැඳී සිටයි.

මේ අතර තායිලන්තයේ බලයට පත් නව හමුදා පාලනයේ නායකයා රටේ දේශපාලනික, ආර්ථික සහ සමාජීය ක්‍රමයේ වෙනසක් ඇති කිරීම උදෙසා ශක්තිමත් සාර්ථක වැඩ පිලිවලක් හඳුන්වා දී තිබේ.

ජෙනරාල් ප්‍රයුත් චාන් ඕචා පවසන්නේ සැප්තැම්බර් මාසයට ප්‍රථම අන්තර් ආණ්ඩුවක් පිහිටුවීමට තමන් කටයුතු කලත් මැතිවරණය වසරක් පමණ කල් දමන බවයි.

ඊට අමතරව අධ්‍යාපන ක්‍රමය සහ පොලිස් සේවාව ප්‍රතිසංවිධානය කිරීමටත්, ජීවන වියදම අඩු කිරීමටත් තම අවධානය යොමු කරන බව ජෙනරාල් වරයා පවසා තිබේ.