ඖෂධ සමාගමට එරෙහි පරීක්ෂණය 'අනතුරු ඇඟවීමක්'

අවසාන යාවත්කාලීන කිරීම :  2014 මැයි 16 සිකුරාදා - 13:22 GMT

සිය නිෂ්පාදන රෝගීන්ට නිර්දේශ කිරීම පිණිස වෛද්‍යවරුන්ට අල්ලස් ලබා දුන් බවට සමාගමට චෝදනා

දූෂණ චෝදනා සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ග්ලැක්සෝස්මිත්ක්ලයින් ඖෂධ සමාගමට එරෙහිව ආරම්භ කරනු ලැබ තිබෙන පරීක්ෂණය අනෙක් බහුජාතික සමාගම්වලටද අනතුරු ඇඟවීමක් බව චීනයේ ෂින්හුවා නිල පුවත් සේවයේ කතුවැකියක සඳහන් වේ.

ග්ලැක්සෝස්මිත්ක්ලයින් සමාගමේ චීන ශාඛාවේ බරපතල අල්ලස් ජාලයක් සොයා ගත් බව පවසමින් චීන පොලිසිය එම සාක්ෂි නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කොට තිබේ.

ඖෂධ සමාගමේ නිෂ්පාදන රෝගීන්ට නිර්දේශ කිරීම පිණිස වෛද්‍යවරුන්ට අල්ලස් ලබා දෙන මෙන් සිය නියෝජිතයන්ට බලපෑම් කළ බවට සමාගමේ චීන ශාඛාවේ කළමනාකරුට පොලිසියෙන් චෝදනා එල්ල වී තිබේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.