වෙබ් අඩවි ලියුම්කරුවෙක් චීන අත්අඩංගුවේ

අවසාන යාවත්කාලීන කිරීම :  2014 මැයි 13 අඟහරුවාදා - 10:47 GMT

සියැන් නැන්ෆු (Xiang Nanfu) අපරාධ කර ඇති බවට පාපොච්චාරණය කළේ යයි පොලීසිය පවසයි .

චීන වෙබ් අඩවියක අසත්‍ය වාර්තා පළ කළ බවට චෝදනා ලැබූ පුද්ගලයකු චීන පොලීසිය විසින් බේජිං නගරයේදී අත් අඩංගුවට ගැණින.

චීන භාෂාවෙන් පළ කෙරෙන එම වෙබ් අඩවිය ක්‍රියාත්මක වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ සිටයි.

හැට දෙහැවිරිදි, සියැන් නැන්ෆු (Xiang Nanfu) නමැති එම චීන ජාතිකයා, චීන රජය විසින් මිනිසුන්ගේ ශරීර අවයව ඉවත් කරන බවටත්, පුද්ගලයන් පණ පිටින් වල දමන බවටත් Boxun.com යන වෙබ් අඩවියේ වාර්තා පල කොට ඇති බවටයි වාර්තා වන්නේ.

ඔහු එම අපරාධ කර ඇති බවට පාපොච්චාරණය කොට ඇති බව පොලීසිය පැවසුවේය.

චීනයේ සමාජ වෙබ් අඩවි වල පුළුල් පාලනයක් පවත්වා ගෙන යාම සඳහා රජයේ අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක වැඩසටහනක් යටතේ ඉක්ම ගිය මාස කිහිප තුළ මාධ්‍යවේදීන් සහ බ්ලොග් අඩවි පවත්වාගෙන යන්නන් සිය ගණනක් අත් අඩංගුවට ගනු ලැබූහ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.