මත විමසුම්වලින් මෝඩි ඉදිරියෙන්

අවසාන යාවත්කාලීන කිරීම :  2014 මැයි 12 සඳුදා - 11:25 GMT

භාරතීය ජනතා පක්ෂයට බහුතර ආසන සංඛ්‍යාවක් හිමිවනු ඇති බව ජනමත සමීක්ෂණවල දැක්වේ

විරුද්ධ පක්ෂයේ අපේක්ෂක නරේන්ද්‍ර මෝඩි ගේ නායකත්වයෙන් යුත් සන්ධානයට ඉන්දීය මහ මැතිවරණයේ ජයග්‍රහණය අත්වනු ඇති බව ජනමත සමීක්ෂණවලින් ඉඟි කෙරේ.

සති හයක් මුළුල්ලේ පැවැත්වුණු මහ මැතිවරණයට සියයට හැට හයක වාර්තාගත ඡන්දදායක සහභාගිත්වයක් පැවති බවයි, මැතිවරණ නිලධාරීන් පවසන්නේ.

භාරතීය ජනතා පක්ෂයට මෙවර ඉන්දීය පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් හිමිවනු ඇති බවයි, ජනමත සමීක්ෂණවල දැක්වෙන්නේ.

පාලක කොන්ග්‍රස් පක්ෂයට ලැබෙන ජනතා සහාය විශාල වශයෙන් බිඳ වැටී ඇති බවද සමීක්ෂණවල නිගමනයයි.

එහෙත් මහ මැතිවරණවල ජයග්‍රාහකයන් නම් කිරීම සම්බන්ධ ජනමත සමීක්ෂණවල ප්‍රතිඵල අතීතයේදී එතරම් සාර්ථක වී නැත.

මේ අතර දූෂණ හා අක්‍රමිකතා වලට විරුද්ධව හඬ නගන පක්ෂයේ නායක අරවින්ද් කෙජ්රිවාල් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේදී නරේන්ද්‍ර මෝඩිට දැඩි අභියෝගයක් එල්ල කරමින් සිටියේය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.