මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මාවෝවාදී ප්‍රහාරයක්

අවසාන යාවත්කාලීන කිරීම :  2014 මැයි 11 ඉරිදා - 11:30 GMT

නැගෙනහිර සහ මධ්‍යම ඉන්දියාවේ විශාල ප්‍රදේශයක් මාවෝවාදී කැරලිකරුවන්ගේ පාලනයට නතුව පවතී

බටහිර ඉන්දීය මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පුපුරා ගිය බිම් බෝම්බයකින් පොලිස් නිලධාරීන් හත් දෙනෙකු මිය ගිය බව බලධාරීහු පවසති.

වනගත ප්‍රදේශයක ගමන් ගනිමින් සිටින විට දීයි, විශේෂ පොලිස් බලකායේ නිලධාරීන් කණ්ඩායම ප්‍රහාරයට ලක් වී තිබෙන්නේ.

ඉන්දීය මාවෝවාදී කැරලිකරුවන් විසින් ප්‍රහාරය එල්ල කරන ලද බව පවසන පොලිසිය ප්‍රහාරය නිසා තවත් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබූ බවත් ප්‍රකාශ කරයි.

ප්‍රහාරයෙන් පසු දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුවක් ද හටගෙන තිබේ.

නැගෙනහිර සහ මධ්‍යම ඉන්දියාවේ වනගත සහ ග්‍රාමීය ප්‍රදේශ ඇතුළු විශාල භූමි ප්‍රදේශයක් මාවෝවාදී කැරලිකරුවන්ගේ පාලනයට නතුව පවතී.

දුප්පතුන් හා සමාජය විසින් නොසලකා හැරුණු ජන කොටස්වල අයිතීන් දිනා ගැනීමට මෙසේ සටන් වදින බවයි මාවෝවාදී කැරලිකරුවන් පවසන්නේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.