ලොව පුරා කෝටි සියයකට 'වැසිකිලි නෑ'

අවසාන යාවත්කාලීන කිරීම :  2014 මැයි 9 සිකුරාදා - 17:09 GMT

ඉන්දියාවේ කෝටි හැටක ජනකායකට තවමත් වැසිකිලි නැහැ

ලොව පුරාම කෝටි සියයක ජනතාවට තවමත් වැසිකිලියක් නැති වීම කොලරාව, පාචනය සහ සෙංගමාලය වැනි මාරාන්තික රෝග පැතිර යාමට හේතු වී තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි.

ලොව පුරා ඉතාමත් දිළිඳු ජනතාවට සනීපාරක්ෂක සේවා සැපයීමේ වැඩසටහනේ කොටසක් වශයෙන් වැසිකිලි සපයා දී තිබෙන නමුත් බොහෝ විට එම වැසිකිලි භාවිතයට නොගන්නා බවයි, යුනිසෙෆ් සහ ලෝක සෞඛ්‍ය සංවිධාන පවසන්නේ.

ඉන්දියාවේ පමණක් කෝටි හැටක ජනකායකට තවමත් වැසිකිලි නැහැ.

ඉන්දියාවේ වැසිකිලි ප්‍රශ්නය විසඳීම පිණිස දැනටමත් ඩොලර් කෝටි ගණනක් වියදම් කොට තිබෙන නමුත් තවමත් එයට විසඳුම් ලැබී නැති බවද එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ පවසති.

කෙසේ නමුත් බංග්ලාදේශය සහ වියට්නාමය මේ වන විට එළිමහනේ වැසිකිලි යාම සම්පූර්ණයෙන්ම පාහේ නවතා දැමීමට සමත් වී තිබෙන බවද ඔවුහු පවසති.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.