මැඩියන්ගේ අනඟ රැඟුම්

අවසාන යාවත්කාලීන කිරීම :  2014 මැයි 8 බ්‍රහස්පතින්දා - 16:14 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ලිංගික ප්‍රතිපාර්ශවයේ ආකර්ෂණය බලාපොරොත්තුවෙන් නර්තනයේ යෙදෙන කුඩා උභය ජීවී විශේෂයන් දා හතරක් මෑතකදී සොයා ගත් බව විද්‍යාඥයෝ පවසති.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ලිංගික ප්‍රතිපාර්ශවයේ ආකර්ෂණය බලාපොරොත්තුවෙන් රැඟුම් දැක්වීම මිනිසුන්ට සේම ම ඇතැම් පක්ෂී වර්ගයන්ටත් ආවේනික වූ සිරිතක්. මොණරුන් පිල් විදහා නැටීම එවන් අරමුණකින් කෙරෙන්නක් බවයි ජීව විද්‍යාඥයන්ගේ පවසන්නේ.

එහෙත් මෑතකදී සොයා ගත් උභය ජීවීන් විශේෂයක් තුළත් මෙවන් සිරිතක් දක්නට ලැබෙන බවයි ඒ පිළිබඳව අධ්‍යයනයන්හි යෙදෙන විද්‍යාඥයින් පවසන්නේ.

මෙලෙස නර්තනයේ දක්ෂ කුඩා උභය ජීවී විශේෂයන් දා හතරක් ජීවත් වන්නෙ දකුණු ඉන්දියාවේ කඳුකර කැලෑවල සිටින බවයි පැවසෙන්නේ.

'පයින් කොඩි දැමීම'

” නටන ගෙම්බො” යන නමින් මොවුන් නම් කිරීමට හේතු වී ඇත්තේ තම ලිංගික ප්‍රතිපාර්ශ්වයේ අවධානය දිනා ගැනීම සඳහා මෙම මැඩියන් විසින් තම පා විහිදුවීමේ, එසේ නැතහොත් පයින් ගැසීමේ ආර නර්තනයක් වැනි චලනයක් වන බැවිණි.

මෙලෙස නටන්නේ පිරිමි මැඩියන් පමණක් වන හෙයින් ඔවුන් එසේ කරන්නේ ගැහැණු මැඩියන් ගේ ආකර්ෂණය ලබා ගැනීම සඳහා බවයි කරන ලද අධ්‍යයනයන් ගෙන් සනාථ වී ඇත්තේ.

ඔවුනටම විශේෂ වූ මේපා විහිදුවීම හඳුන් වන්නේ “පයින් කොඩි දැමීම” යනුවෙන්.

දිය පහරේ ශබ්දය නිසා තමන් කරන හඬගැසීම ගැහැණු සතාට නොඇසේ යයි සිතා පයින් සංඥා කිරීමකුයි සිදුවන්නේ.

පිරිමි සියයකට ගැහැණු එකයි

මේ උභයජීවීන් පිලිබඳ අධ්‍යයනය කරන දිල්ලි විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක් වන සත්යබ්හාමා දාස් පවසන්නේ මෙය ඉතා සුවිශේෂී අංග චලනයක් බවයි.

“මේ කකුලෙන් කොඩි දාන එක සුවිශේෂී දෙයක් හැටියටයි විද්‍යාඥයෝ දකින්නෙ. ගෙම්බෝ නටන එක සාමාන්‍ය දෙයක් නෙවෙයි. කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ දකිනකන්. ගැහැණු සතුන්ගේ ආකර්ෂණය ලබාගන්න මෙහෙම කොඩි දානව වගේ දික් කරන කකුලම තමයි තමන්ගේ අඩවියට ඇතුල් වන අනෙක් මැඩියෝ පන්නන්න යොදා ගන්නෙත්” යනුවෙන් ඔහු තම අදහස් පළ කළේය.

මහාචාර්ය දාස් කියන ආකාරයට පා දිගු කරන උපක්‍රමය මගින් මේ පිරිමි සත්තු මේ විදියට ගැහැණු මැඩියන්ගේ ආකර්ෂණය දිනාගන්න උත්සාහ කිරීමටද හේතුවක් තිබේ.

“මේ උභයජීවීන් ගේ පිරිමි සත්තු සීයකට, සමහර විට සීයකටත් වඩා ඉන්නෙ එක ගැහැණු සතෙක් විතරයි. ඒ නිසා ඔවුන්ට අවශ්‍යයි ගැහැණු මැඩියට කියන්නෙ “ඒයි මම තමයි උඹට ගැලපෙන හොඳම මිනිහ. වරෙන් මාත් එක්ක” කියල” යනුවෙන් ඔහු මෙම අසාමාන්‍ය සංඥාව පිළිබඳව විස්තර කළේය.

වඳ වී යන ප්‍රජාවක්

දකින ඕනෑම කෙනෙකුගේ මුවගට සිනහවක් ගෙනෙන මේ කුඩා උභය ජීවී මිතුරන් පිලිබඳ කණගාටුදායක පුවතක් ද තිබේ.

මේ මැඩියන් පිලිබඳ සොයා ගන්නත් කලින් ඔවුන් වඳවී යාම ආරම්භවී අවසාන බව පවසන විද්‍යාඥයින් ඔවුන්ට ජීවත් විය හැකි කඳුකර දිය පහරවල් වියලී යාම හේතුවෙන් ඔවුන් සදහටම මේ මිහි මතින් තුරන් වී යන දිනය වැඩි ඈත නැති බවයි අවධාරණය කරන්නේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.