ඉටි රූප සමඟ පවුල් කෑම

21 මාර්තු 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 12:23 GMT

'පවුලක් වෙන්නේ කවදද?' ප්‍රශ්නයෙන් හෙම්බත් වූ ඇමෙරිකානු කලාකාරිය සුසෑන් හයින්ට්ස්, ඉටි රූපවලින් නිමවූ සැමියකු සහ දියණියක යොදා ගෙන සිය පවුල් ජීවිතය කැමරා ඇසකින් නිර්මාණය කළේ සමාජයේ ගතානුගතිකවාදී ආකල්පවලට අභියෝග කිරීමේ අදහසින්.
නිරන්තරයෙන්ම මතු වුන 'පවුලක්, පන්සලක් වෙන්නේ කවදද?' ප්‍රශ්නයෙන් හෙම්බත් වූ ඇමෙරිකානු කලාකාරිය සුසෑන් හයින්ට්ස්, ඉටිවලින් නිර්මාණය කළ සැමියකු සහ දියණියක යොදා ගෙන සිය ජීවිතය කැමරා ඇසකින් නිර්මාණය කළේ සමාජයේ ගතානුගතිකවාදී ආකල්පවලට අභියෝග කිරීමේ අදහසින්. (සියලු ඡායාරූපවල අනුග්‍රහය- සුසෑන් හයින්ට්ස් )
'ඔයා හරිම ලස්සන කෙල්ලක්. මොකද කසාදයක් කර ගන්නේ නැත්තේ?' යන්න නිරන්තරයෙන් සමාජයෙන් ඇය වෙත මතු වුනු ප්‍රශ්නයක්.
සේයා රූ පෙළකින් මෙවැනි කෘත්‍රිම පවුලක් නිර්මාණය කිරීමේ අදහස මුලින්ම ඇති වූයේ සිය මව සමඟ කතාබහක යෙදී සිටියදී බව ඇය පවසයි.
සිය 'ඉටි රූප පවුල' සමඟ ගෙවන ප්‍රීතිමත් අවස්ථා දැක්වෙන ඡායාරූප ව්‍යාපෘතිය, සමාජය පුද්ගලයන් වෙත එල්ල කරන බලපෑම දැඩිව ප්‍රශ්න කරන්නක්.
මුලින්ම සිය 'පවුලේ සාමාජිකයන්' සමඟ නිවසේදී ඡායාරූප ගත් ඇය, ඉන් අනතුරුව විවිධ චාරිකාවලදීත් සේයා රූ සටහන් කර ගත්තාය.
"කවුරුවත් සර්ව සම්පූර්ණ නෑ දරුවෝ. කසාදයක් කර ගන්න ඕනේ නම් කාව හරි හොයා ගන්න," යන්නයි, අම්මාගේ අවවාදය වූයේ.
"මිනිස්සුන්ගේ සම්ප්‍රදායික ජීවිත අපේක්ෂාවන්ට අභියෝග කිරීමයි මගේ අරමුණ වුනේ."
"අපේ වර්තමානයේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය අතීත සම්ප්‍රදායයෙන් මනින්නේ ඇයි," යනුවෙන්ද ඇය ප්‍රශ්න කරන්නීය.
විශේෂයෙන්ම නිවසෙන් පිටත සේයාරුවකට පෙනී සිටියදී බොහෝ දෙනාට එය කුතුහලයක් වූ බවද ඇය පවසන්නීය.
කානතාවක 'පූර්ණ' දිවි පෙවෙතක් ගත කිරීම පිළිබඳව තවමත් සමාජය දරන්නේ ගතානුගතිකවාදී ආකල්පයක් බව කලාකාරියගේ අදහසයි.
සාර්ථක ජීවිතයක් පිළිබඳව විවෘත මනසකින් විමසා බලන්නැයි ඇය සමාජයෙන් ඉල්ලීමක් කරයි.
"අනෙකාගේ තරාතිරම, වත්කම නොබලා එකිනෙකාට සමීප වෙන්න."
රූපවාහිනී නාලිකාවක කළා අධ්‍යක්ෂවරියක ලෙසින් ලත් අත්දැකීම සිය ව්‍යාපෘතියට මහෝපකාරී වූ බවද සුසෑන් හයින්ට්ස් පවසයි.
කලාවට 'විහිළුව අත්‍යවශ්‍යයි'