ක්‍රිමියාව රුසියාවට අවශ්‍ය 'යුදමය අවශ්‍යතාවලට'

අවසාන යාවත්කාලීන කිරීම :  2014 මාර්තු 16 ඉරිදා - 17:23 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

මූලෝපායික වශයෙන් වැදගත් පිහිටීමක් සහිත ක්‍රිමියානු අර්ධද්වීපය රුසියාවට අවශ්‍ය වී තිබෙන්නේ යුදමය අවශ්‍යතා සඳහා බව හර්කොෆ් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් පවසයි.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

දෙවැනි ලෝක යුද්ධයේ සිට යුද මූලෝපායික වටිනාකමක් සහිත යුක්රේනයේ ක්‍රිමියානු අර්ධද්වීපය අත් පත් කර ගැනීම රුසියාවේ අභිප්‍රාය වී තිබෙන බව විශ්ලේෂකයෝ පවසති.

ක්‍රිමියාව තවදුරටත් යුක්රේනය යටතේ පැවතිය යුතුද, නොඑසේනම් එය රුසියාවේ සෘජු පාලනයට නතු විය යුතුද යන්න විමසන මෙතැන ඔබන්න​ ජනමත විචාරණය ඉරිදා පැවැත්වුණු අතර, එහි මුල් පදිංචිකරුවන් සේ සැලකෙන තතාර් ජාතිකයන් ඡන්දය දීමෙන් වැලකී සිටි බවයි හර්කොෆ් නුවර වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු වන සුසන්ත ගමගේ බීබීසී සංදේශයට කියා සිටියේ.

හර්කොෆ් නගරයේද රුසියාවට පක්ෂ සහ විරුද්ධ කණ්ඩායම් අතර ගැටුම් හට ගත්තේය

ක්‍රිමියා ජනමත විචාරණයේදී ඡන්දය භාවිත කොට තිබෙන්නේ රුසියාවට පක්ෂපාතී ජනතාව පමණක් බවද සුසන්ත ගමගේ සංදේශයට පැවසීය.

ක්‍රිමියාවේ බරපතල ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවුනත් රුසියානු ජාතිකයන් බහුතරයක් පිරිසක් වෙසෙන නැගනහිර යුක්රේනයේ හර්කොෆ් නගරයේ පසුගිය දින කිහිපය ඇතුලත ගැටුම්වලින් සිවු දෙනකු මරුමුවට පත් වූ බවත් ඔහු සඳහන් කළේය.

'අවිනිශ්චිත වාතාවරණයක්'

ජනමත විචාරණය හේතුවෙන් හර්කොෆ් ඇතුළු නැගෙනහර යුක්රේනයේ නගරවලද කිසියම් අවිනිශ්චිත වාතාවරණයක් ඇතිවිය හැකි බව ඔහුගේ මතයයි.

'යුක්‍රේනය බටහිරට ගැති වෙද්දි ක්‍රිමියාව රුසියාවට ගැති වෙනවා'

"නමුත් රුසියාවට මෙම නගර තමන් සතු කර ගැනීමේ විශාල අදහසක් තිබෙන බවට සාක්ෂි නෑ," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

ජනමත විචාරණය නීති විරෝධී බව බටහිර රටවල තර්කය වී තිබේ.

එහෙත් මෙතැන ඔබන්න​ සංදේශයේ ෆේස්බුක් අඩවිය ඔස්සේ අදහස් දක්වන ඉඳුනිල් පෙරේරා පවසන්නේ එය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල ජනමත විචාරණයක් බවයි.

"මොනවා උනත් ලෝක බලවතුන් ගේ ආධිපත්‍යයට පොඩි රටවල් වලට යට වෙන්න වෙනවා," යනුවෙන් ධනුෂ්ක එරෙගොඩ සටහන් කොට තිබුණි.

"යුක්‍රේනය බටහිරට ගැති වෙද්දි ක්‍රිමියාව රුසියාවට ගැති වෙනවා... කාටත් වාසියක් නැහැ.. බලවතුන් ට හැර,"යනුවෙන්ද ඔහු පවසයි.

යුක්රේනයේ පවතින දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් විදේශිකයන් අතවරයට ලක් වූ බවක් තවමත් වාර්තා වී නැති බවද සුසන්ත ගමගේ සංදේශයට කියා සිටියේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.