යුක්රේනයේ විදේශිකයන්ට අනතුරක් නෑ - ලාංකිකයෙක්

අවසාන යාවත්කාලීන කිරීම :  2014 මාර්තු 5 බදාදා - 15:37 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

යුක්රේනයේ දේශපාලන අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් ඇතුළු එහි වෙසෙන විදේශිකයන්ට කිසිදු අනතුරක් නැති බව හර්කොෆ් නුවර වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් පවසයි.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

යුක්රේනයේ දේශපාලන අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශිකයන්ට කිසිදු අනතුරක් නැති බව එහි වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් පවසයි.

තමන් වාසය කරන හර්කොෆ් නගරයේ ශ්‍රී ලාංකිකයන් දස දෙනකු පමණත් තවත් විදේශිකයන් සුළු පිරිසකුත් සිටින බවයි, සුසන්ත ගමගේ බීබීසී සංදේශයට කියා සිටියේ.

ක්‍රිමියානු අර්ධද්වීපයේ දැනටමත් රුසියානු හමුදා බලය තර කොට තිබේ

අර්බුදයත් සමඟම ඩොලරයේ අගය ඉහල යාම හේතුවෙන් ව්‍යාපාරික කටයුතු මඳක් අඩාල වී තිබෙන නමුත් එම තත්වය ඉතා ඉක්මනින්ම වෙනස් වනු ඇති බව ඔහුගේ අදහසයි.

මහජන උද්ඝෝෂණ හමුවේ යුක්රේනයේ පාර්ලිමේන්තුව විසින් රුසියාවට ලැදි ජනාධිපති වික්තර යනුකොවිච් බලයෙන් පහ කරනු ලැබීමත් අනතුරුව රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමේ සූදානමක් පිළිබඳව බිය පළ වෙමින් පවතී.

රුසියානු භාෂාව කතා කරන යුක්රේනවාසීන් බහුතරයක් වෙසෙන ක්‍රිමියානු අර්ධද්වීපයේ දැනටමත් රුසියානු හමුදා බලය තර කොට තිබෙන අතර, රුසියාවට ලැදි දේශපාලන නායකයෝ අර්ධද්වීපයේ පාලන බලයද අත් පත් කර ගත්හ.

යුක්රේන භාෂාව සහ රුසියානු භාෂාව කතා කරන ජනතාව අතර රටේ විවිධ පලාත්වල පැහැදිලි බෙදීමක් පවතින නමුත් රුසියාව යුක්රේනය ආක්‍රමණය කරනු ඇතැයි හර්කොෆ්වාසීන් විශ්වාස නොකරන බවයි, සුසන්ත ගමගේ සංදේශය කළ විමසීමකදී කියා සිටියේ.

යුක්රේනය බෙදී වෙන් වීමේ කිසිදු තර්ජනයක් මතු වී නැති බවද ඔහු සඳහන් කළේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.