කෝප වන්නන්ට හෘදයාබාධ අවදානමක්

අවසාන යාවත්කාලීන කිරීම :  2014 මාර්තු 4 අඟහරුවාදා - 18:58 GMT

කෝපය හිර කර ගෙන සිටින්නන් වැඩි අවදානමක

අධික කෝපයට පත් වන උදවිය හෘදයාබාධ වැළඳීමේ ඉහළ අවදානමකට ලක් වන බව එක්සත් ජනපදයේ සිදු කරන ලද පර්යේෂණයකින් හෙළි වී තිබේ.

හදිසි කෝපයක් ඇතිවී පැය දෙකක් ඇතුළත දී හෘදයාබාධයක් ඇති වීමට පවතින අවදානම පස් ගුණයකින් ඉහළ යන බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

නිතරම පාහේ හදිසි කෝපයට පත් වන උදවිය මුහුණ දෙන අවදානම ක්‍රමයෙන් ඉහළ යන බවද මෙම පර්යේෂණයෙන් හෙළි වී තිබේ.

ඇති වූ කෝපය පිට කරන අයට වඩා කෝපය හිර කර ගෙන සිටින්නන් හෘදයාබාධයක් වැළඳීමේ වැඩි අවදානමකට මුහුණ දෙන බවද මෙම පර්යේෂණය මෙහෙයවූ වෛද්‍යවරු පවසති.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.