ක්‍රිමියා අගමැති පුටින් ගෙන් උදව් ඉල්ලයි

අවසාන යාවත්කාලීන කිරීම :  2014 මාර්තු 1 සෙනසුරාදා - 10:41 GMT

පොලීසිය, යුද හමුදාව ඇතුළු කලාපයේ සියලු ආරක්ෂක අංශ වල පාලනය තමා අත පවතින බව අක්සියොනොව් කියයි

ක්‍රිමියාවේ යුක්රේන කලාපයේ නව අගමැති සර්ජි අක්සියොනොව් කලාපය සන්සුන් කරගැනීමට උදව් කරන ලෙස රුසියානු ජනාධිපති පුටින් ගෙන් ඉල්ලීමක් කර තිබේ.

රුසියාවට හිතවත් තුවක්කු කරුවන් විසින් ක්‍රිමියානු පාර්ලිමේන්තුව අල්ලා ගැනීමෙන් පසු අගමැති ලෙසට නම් කෙරුණු අක්සියොනොව් පවසන්නේ පොලීසිය, යුද හමුදාව ඇතුළු කලාපයේ සියලු ආරක්ෂක අංශ වල පාලනය තමා අත පවතින බවයි.

මෙම ඉල්ලීම නොසලකා හරින්නේ නැති බව ක්රෙම්ලිනය පවසා ඇත.

සිය ගණනක් වූ හමුදා සෙබළුන් සහ හමුදා ගුවන් යානා ක්‍රිමියාවට සැපයීම පිළිබඳව යුක්රේන ජනාධිපතිවරයා රුසියාවට චෝදනා කර තිබේ.

මේ අතර ආයුධ සන්නද්ධ පිරිස් විසින් තවත් ගුවන් තොටුපලක් රාත්‍රිය පුරා අල්ලාගෙන සිටි බවද වාර්තාවී ඇත.

එහෙත් එයට තමන් ගේ සම්බන්ධයක් නැතැයි පවසන මොස්කව් බලධාරීන් පවසන්නේ ඔවුන්ගේ හමුදා ජාත්‍යන්තර එකඟතාවන් බිඳ කටයුතු කර නැති බවයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.