යුක්රේනයේ තත්වය 'ඉක්මනින් සන්සුන් වේවි'

අවසාන යාවත්කාලීන කිරීම :  2014 පෙබරවාරි 24 සඳුදා - 18:09 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

යුක්රේනයේ අර්බුදය රුසියානුවන්ට තර්ජනයක් බව රුසියාවේ අගමැතිවරයා පවසද්දී, තත්වය ඉක්මනින් සන්සුන් වනු ඇතැයි කීව් අගනුවර වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් බලාපොරොත්තු පළ කරයි.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

යුක්රේනයේ දේශපාලන අර්බුදය රුසියානු පුරවැසියන්ට සහ රුසියාවේ අවශ්‍යතාවයන්ට එල්ල වන තර්ජනයක් ලෙසින් සලකන බව රුසියාවේ අගමැති ද්මිත්‍රි මෙද්වේදෙෆ් ප්‍රකාශ කරයි.

යුක්රේන ජනාධිපති වික්තර් යනුකෝවිච් බලයෙන් පහ කිරීම පිළිබඳව රුසියාව මෙතෙක් පළ කළ දැඩිම ප්‍රතිචාරය එයයි.

අගනුවර නිදහස් චතුරශ්‍රය තවමත් උද්ඝෝෂකයන්ගෙන් පිරී පවතී

යුක්රේනයේ අන්තර්වාර ආණ්ඩුවේ නීත්‍යානුකූලභාවය පිළිබඳවද රුසියාවේ අගමැතිවරයා ප්‍රශ්න නැගුවේය.

සාමකාමී උද්ඝෝෂකයන් සමූහ වශයෙන් ඝාතනය කිරීමේ චෝදනා මත බලයෙන් පහ කෙරුණු ජනාධිපතිවරයා අත් අඩංගුවට ගැනීම පිණිස සොයමින් සිටින බව මේ අතර යුක්රේන අන්තර්වාර ආණ්ඩුවේ බලධාරීහු පවසති.

ශ්‍රී ලාංකිකයන්

තවත් බලධාරීන් කිහිප දෙනෙකුද අවශ්‍යව සිටින පිරිස අතර සිටින බවයි, අභ්‍යන්තර කටයුතු පිළිබඳ වැඩ බලන අමාත්‍යවරයා කියා සිටියේ.

'සිය ගණනක් මරා දැමීමට නියෝග දුන්නේ ඔහු නිසා යනුකෝවිච් ඒකට වගකිව යුතුයි'

මේ අතර ප්‍රකාශයක් කළ උදාර් පක්ෂයේ නායක විතාලි ක්ලිච්කෝ: "මේක අමුතුම තත්වයක්. මේ මොහොතේ රටට අවශ්‍යම පුද්ගලයා වෙලා ඉන්න යුක්රේනයේ ජනාධිපතිවරයා වගකීමෙන් මිදෙන්න රටින් පලා යන්න උත්සාහ කරමින් ඉන්නවා," යනුවෙන් සඳහන් කළේය.

"මම මේක අවධාරණය කරන්න කැමතියි. සිය ගණනක් මරා දැමීමට නියෝග දුන්නේ ඔහු නිසා යනුකෝවිච් ඒකට වගකිව යුතුයි," බවද හිටපු බොක්සිං ශූරයා පැවසීය.

හිටපු ජනාධිපති යනුකෝවිච් ඉරිදා අවසාන වරට දැක ගන්නට ලැබුනේ බහුතරයක් රුසියානු ජනතාව වාසය කරන යුක්රේනයේ ක්‍රීමියා අර්ධද්වීපයේදී.

කෙසේ නමුත් ඉක්මනින්ම තත්වය යථා තත්වයට පත් වනු ඇති බවයි, කීව් අගනුවර වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු වන ලලිත් ප්‍රනාන්දු බීබීසී සංදේශයට කියා සිටියේ. (හඬ පටය)

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.