ගණිකාවන්ට එරෙහිව චීනයේ දැවැන්ත මෙහෙයුමක්

අවසාන යාවත්කාලීන කිරීම :  2014 පෙබරවාරි 16 ඉරිදා - 11:45 GMT

ඩොන්ගුවන් පළාතේ මෙහෙයුමකදී දහසකට වැඩි පිරිසක් අත් අඩංගුවට ගැනින

'පවුකාරයන්ගේ නගරය' නමින් හැඳින්වෙන ප්‍රදේශයක ගණිකාවන්ට එරෙහිව කරන ලද මෙහෙයුමකින් අනතුරුව, ගණිකා වෘත්තිය මැඬලීම පිණිස රට පුරාම මෙහෙයුම් දියත් කරන මෙන් චීන ආණ්ඩුව පොලිසියට නියෝග කළේය.

ඩොන්ගුවන් පළාතේ ගණිකා වෘත්තිය කෙතරම් දුරට පැතිරී තිබෙන්නේද යන්න ජාතික රූපවාහිනියේ වැඩසටහනකින් අනාවරණය වීමෙන් අනතුරුව පොලිසිය කළ මෙහෙයුමකදී දහසකට අධික පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ.

ඉන් අනතුරුව ඩොන්ගුවන් පොලිස් ප්‍රධානියාද පදවියෙන් පහ කොට තිබේ.

ඩොන්ගුවන්හි ගණිකාවන්ට එරෙහිව දියත් වූ මෙහෙයුම ගණිකා වෘත්තිය සම්බන්ධයෙන් රට පුරා විවාදයකට තුඩු දුන් අතර, එහිදී ලිංගික සේවිකාවන් පිළිබඳව බොහෝ දෙනා අනුකම්පාව පළ කළහ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.