ගෝතමාලා සෙබළෙකුට ඇමෙරිකාවේදී සිර දඬුවම්

අවසාන යාවත්කාලීන කිරීම :  2014 පෙබරවාරි 11 අඟහරුවාදා - 12:20 GMT

ගෝතමාලා සිවිල් යුද්ධයේ දරුණුම ජන සංහාරයකට සම්බන්ධ වූ බවට ඔරන්තෙස්ට චෝදනා

ගෝතමාලාවේ සිවිල් යුද්ධයේ සමයේ මහා මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ වීම පිළිබඳව බොරු කීමේ චෝදනාවට වැරදිකරු වූ ගෝතමාලාවේ හිටපු හමුදා සොල්දාදුවකුට ඇමෙරිකා එක්සත් ජනපද අධිකරණයක් වසර දහයක සිර දඬුවම් නියම කළේය.

චුදිත ජෝර්ජ් විනිචියෝ සෝසා ඔරන්තෙස් ගේ ඇමෙරිකානු පුරවැසිභාවයද අවලංගු කිරීමට මෙතැන ඔබන්න​ අධිකරණය නියෝග කළේය.

දෙසියයකට අධික පිරිසක් ඝාතනය කෙරුණු දොස් එරෙස් ඝාතනය, ගෝතමාලාවේ වසර 36 ක සිවිල් යුද්ධයේ දරුණුම ජන සංහාරයක් ලෙසින් සැලකේ.

එවකට තමන් ගෝතමාලා හමුදා සොල්දාදුවකු වූ බව, ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ලබා ගැනීම් වස් ඉදිරිපත් කෙරුණු අයදුම්පතේ සඳහන් නොකිරීම ඔහුට එල්ල වූ චෝදනාවයි.

ජෝර්ජ් විනිචියෝ සෝසා ඔරන්තෙස් , වාමාංශික ගරිල්ලන්ට රැකවරණ දුන් බවට සැක කෙරුණු ගම්මානයකට කඩා වැදුණු විශේෂ හමුදා බලකායක සාමාජිකයෙක්.

දින තුනක් මුළුල්ලේ දරුවන්, කාන්තාවන් ඇතුළු සිය ගණනක් වෙඩි තබා මරා සහ කපා කොටා මරා දැමූ ඔවුහු, ගම්වාසීන්ගේ මළසිරුරු ලිඳකට විසි කළහ.

2010 වසරේදී එක්සත් ජනපදයෙන් පලා ගිය ඔරන්තෙස් ඉන් වසරකට පසුව අත් අඩංගුවට ගැනුනේ කැනඩාවේදී.

දොස් එරෙස් සංහාරය සම්බන්ධයෙන් වැරදිකරු වූතවත් සොල්දාදුවකට ගෝතමාලාව 2012 දී වසර 6060 ක සිර දඬුවම් නියම කළේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.