අලි මිනිස් ගැටුම වැළැක්වීමට තල් ගස

අවසාන යාවත්කාලීන කිරීම :  2014 පෙබරවාරි 9 ඉරිදා - 13:41 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

අලි මිනිස් ගැටුම වැළැක්වීම් වස් තල් ගස් යොදා ගැනීමේ නියමු ව්‍යාපෘතියක් 'ලෝකයේ පළමු වතාවට' ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලද බව ප්‍රැක්ටිකල් ඇක්ෂන් සංවිධානය පවසයි.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

අලි මිනිස් ගැටුම වැළැක්වීම පිණිස තල් ගස් යොදා ගැනීමේ නියමු ව්‍යාපෘති හතරක් රට පුරා ආරම්භ කරන ලද බව ප්‍රැක්ටිකල් ඇක්ෂන් සංවිධානය ප්‍රකාශ කරයි.

ගස් පේලි හතරක් වැවීමෙන් අලින් ගෙන් සිදු වන හානි වැළැක්විය හැකි බව මුලින්ම තමන්ට යෝජනා කළේ මඩකලපුව, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ පුත්තලම් දිස්ත්‍රික්කවල අලින් ගෙන් බැට කන ජනතාව බව, සංවිධානයේ වැඩසටහන් කළමනාකරු රණසිංහ පෙරේරා බීබීසී සංදේශයට කියා සිටියේය.

'එක කිලෝමීටරයකින්, කාබන් මෙට්‍රික් ටොන් 1250 ක් අවශෝෂණය කරනවා'

අලි මිනිස් ගැටුම වැළැක්වීම් වස් මෙවැනි ව්‍යාපෘතියක් සමස්ත ලෝකයේම ක්‍රියාත්මක වන්නේ පළමු වතාවට බවද ඔහු ප්‍රකාශ කරයි.

අලි මිනිස් ගැටුම වැළැක්වීම පිණිස මෙතෙක් යොදා ගනු ලැබ තිබෙන විදුලි වැට ඇතුළු සියලු ක්‍රමවේදයන් අලින්ට එරෙහි මනෝ විද්‍යාත්මක බාධක පමණක් බව පවසන රණසිංහ පෙරේරා, තල් ගස් පේලි හතරක් 'සිග් සැග්' ක්‍රමයට සිටුවීම මේ දක්වා ක්‍රියාවට නැගුණ එකම භෞතික බාධකය බවද සඳහන් කරයි.

දැව හිඟය සහ පරිසරය

විදුලි වැටක ආයු කාලය වසර දහයක් පමණක් වන අතර, තල් ගසක් වසර සියයක් පමණ පවතින බැවින් වියදම අංශයෙන් සලකා බලන විට විදුලි වැටට සාපේක්ෂව තල් වැවීම විසි දෙක ගුණයකින් අඩු බවයි, ඔහු පවසන්නේ.

"ඒ කියන්නේ තල් වැට ඉදි කිරීමේ වියදම. නඩත්තු වියදම ගත්තොත් බින්දුවයි."

අලි මිනිස් ගැටුම විසඳීමෙන් ඔබ්බට ගිය ආර්ථික, පරිසර, සහ සමාජයීය වාසි ගණනාවක්ද තල් වැටෙන් හිමිවන බවත් රණසිංහ පෙරේරා පෙන්වා දෙයි.

"තල් ආහාර සුරක්ෂිතතාවය සඳහා මාධ්‍යයක්. පස සංරක්ෂණ මාධ්‍යයක්. සුළං බාධකයක්, ලැවු ගිනි බාධකයක්," යනුවෙන්ද ඔහු පැවසීය.

"එක කිලෝමීටරයකින්, කාබන් මෙට්‍රික් ටොන් 1250 ක් අවශෝෂණය කරනවා, මේ ශාක විසින්."

නියමු ව්‍යාපෘතිය සාර්ථක වුවහොත්, ශ්‍රී ලංකාවේ දැව හිඟයටද එමගින් විසඳුමක් ලැබෙනු ඇති බව ඔහුගේ විශ්වාසයයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.