තස්මේනියානු වෙරළේ අමුතු ජීවියෙක්

අවසාන යාවත්කාලීන කිරීම :  2014 පෙබරවාරි 6 බ්‍රහස්පතින්දා - 19:02 GMT

මෙම ජීවියා මීට පෙර මිහි මත හමුවී නැති බවයි වාර්තා වන්නේ

තස්මේනියාවේ වෙරළට ගසා ගෙන ආ අලුත් ම වර්ගයේ මුහුදු ජීවියකු හඳුනා ගැනීමට ඕස්ට්‍රේලියානු විද්‍යාඥයෝ උත්සාහ කරමින් සිටිති.

මීටර එකහමාරක් පමණ වට ප්‍රමාණය සහිත ජෙලිෆිෂ්

මීටර එකහමාරක් පමණ වට ප්‍රමාණය සහිත ජෙලිෆිෂ් වර්ගයට අයත් මෙම ජීවියා මීට පෙර මිහි මත හමුවී නැති බවයි වාර්තා වන්නේ.

සත්ව විද්‍යාවේ වර්ගීකරණ ලැයිස්තුවට මෙම මුහුදු ජීවියා තවමත් ඇතුළත් වී නැත.

වෙරළේ ඇවිදීමට පැමිණි තස්මේනියානු ජාතික පවුලකට මෙම ජෙලිෆිෂ් වර්ගයට අයත් සත්වයා ඇස ගැටී ඇත.

පසුගිය වසර කිහිපය ඇතුළත තස්මේනියානු සාගර කලාපයෙන් ජෙලිෆිෂ් වර්ගයේ විවිධ ජීවීන් හමු වෙන්නට පටන් ගෙන ඇති අතර එයට හේතුව තවමත් හෙළිදරව් වී නැත.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.