ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

යුක්රේන විපක්ෂ නායකයෙක් 'පැහැරගෙන ගොස් වද දීලා'

31 ජනවාරි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 12:52 GMT

තමා පැහැරගෙන ගොස් වද හිංසා පැන වූ බව සතියකට අධික කාලයක් තිස්සේ අතුරුදහන් වී සිටි යුක්රේන විපක්ෂ උද්ඝෝෂණයේ නායකයෙක් ප්‍රකාශ කරයි.

තමා පැහැර ගෙන යාමෙන් අනතුරුව දිගටම පහර දුන් බවත්, අත්වලින් එල්ලා තැබූ බවත් ද්මිත්රෝ බුලාතෆ් කියා සිටියේය.

රතු වූ මුහුණකින් යුතුව ඔහු රූපවාහිනියේ පෙනී සිටි අවස්ථාවේ, ඔහුගේ කනෙන් කොටසක් කපා දමා ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබිණ.

වද දීමෙන් අනතුරුව කීව් අගනුවරට තදාසන්න ප්‍රදේශයක තමා මැරෙන්නට දමා සිටි බවයි, ඔහු පවසන්නේ.

යුක්රේනයේ වත්මන් දේශපාලන අර්බුදය ආරම්භ වීමෙන් අනතුරුව විපක්ෂ ක්‍රියාධරයන් පැහැරගත් බවට සහ වද දුන් බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය ඉල්ලා තිබේ.

මේ අතර, රටේ දේශපාලන වාතාවරණය ස්ථාවර කිරීමට පියවර ගන්නා මෙන් හමුදාව ජනාධිපති වික්තර යනුකොවිච්ගෙන් ඉල්ලීමක් කොට තිබේ.