දහමක් නැති අකුණු පහරක්

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජනවාරි 18 සෙනසුරාදා - 17:15 GMT

බ්‍රසීලයේ රියෝ ඩි ජනෙයිරෝ අගනුවරට මුහුණ ලා කඳු ගැටයක පිහිටුවා තිබෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාවකට අකුණු සැර වැදීමෙන්, ප්‍රතිමාවේ දකුණු අතේ මා පට ඇඟිල්ල ගැලවී ගොස් ඇත.

එම ජේසු පිළිමයට පසුගිය මාසයේත් මෙවැනිම අකුණු සැරයක් වැදුණ අතර එමගින් එම අතේම මැද ඇඟිල්ල කැඩී තිබුණි.

හාණි වූ පිළිමය කඩිනමින් පිළිසකර කරන බවයි බ්‍රසීල නිලධාරීන් ජනමාධ්‍යයට කියා සිටියේ.

1931 වසරේ පිහිට වූ මේ ජේසු ප්‍රතිමාවට හැම අවුරුද්දකම මෙන් කීප වතාවක් ම අකුණු සැර එල්ල වී ඇතැයි බ්‍රසීල විද්‍යාඥයෝ පවසති.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.