ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු පිළිවෙත පක්ෂග්‍රාහීයි - ආචාර්ය දයාන් ජයතිලක

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජනවාරි 10 සිකුරාදා - 19:06 GMT
Dayan Jayathilaka

ආචාර්ය දයාන් ජයතිලක

ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සිදු වූ ස්ථාන යැයි හඳුන්වන තැන් පිළිබඳ ව ‘ට්විටර්’ මාධ්‍ය හරහා කරුණු දැක්වීම මගින් ඇමෙරිකා එක්සත් ජනපදය රාජ්‍ය තාන්ත්‍රික පිළිවෙත් උල්ලංඝණය කොට ඇතැයි ආචාර්ය දයාන් ජයතිලක පවසයි.

හමුදා ෂෙල් ප්‍රහාර වලින් සිවිල් පුරවැසියන් මිය ගිය තැනක් සේ විමර්ශනයකින් තොර ව ස්ථානයක් නිශ්චිතව දැක්වීම පක්ෂග්‍රාහී ක්‍රියාවක් බවයි ආචාර්ය දයාන් ජයතිලක පෙන්වා දෙන්නේ.

ෂෙල් ප්‍රහාර වලින් සිවිල් පුරවැසියන් මිය ගිය ස්ථානයක් සේ දැක්වීම සඳහා ‘alleged’ (කළැයි කියන) යන වචනය භාවිතා කළේ නම් පූර්ව නිගමන වලින් තොර ව තුලනාත්මක ව කරුණු දැක්වීමේ අවස්ථාවක් තිබුණ බව ආචාර්ය දයාන් ජයතිලක පෙන්වා දෙයි.

ඇමරිකාව යුධ අපරාධ පිළිබඳ ව ඉල්ලා සිටින ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණය කිසිසේත් ම ස්වාධීන එකක් වීමට ඉඩ නැති බවයි ආචාර්ය දයාන් ජයතිලක කියා සිටියේ.

‘ඉල්ලා සිටින ජාත්‍යන්තර පරීක්ෂණයේ වාර්තාව දැනටමත් ලියලා හමාරයි” යැයි ආචාර්ය ජයතිලක ප්‍රකාශ කරයි.

මාර්තු මාසයේ දී එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කොමිසම වෙත ඇමරිකානු ආණ්ඩුව ගෙන ඒමට බලාපොරොත්තු වෙන යෝජනාව පරාජය වුව හොත් ඉතා භයානක ප්‍රතිවිපාක ඇති විය හැකි බව ආචාර්ය දයාන් ජයතිලක පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු පිළිවෙත පක්ෂග්‍රාහීයි - ආචාර්ය දයාන් ජයතිලක

ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සිදු වූ ස්ථාන යැයි හඳුන්වන තැන් පිළිබඳ ව ‘ට්විටර්’ මාධ්‍ය හරහා කරුණු දැක්වීම මගින් ඇමෙරිකා එක්සත් ජනපදය රාජ්‍ය තාන්ත්‍රික පිළිවෙත් උල්ලංඝණය කොට ඇතැයි ආචාර්ය දයාන් ජයතිලක පවසයි

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්මත වුව හොත් එක් අතකින් ශ්‍රී ලංකාවේ ජනතාවට වැඩි බරක් පැටවෙන ආර්ථික තහංචි පැනවීමට ඉඩ තිබෙන අතර, අනෙක් අතින් නීතිමය තහංචි පැනවීම නිසා ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ට එරෙහිව විදේශ රටවල් වලදී තීන්දු ලබා දිය හැකි බව ආචාර්ය දයාන් ජයතිලක වැඩි දුරටත් කියා සිටියි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.